නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන 2කට වෙඩි තබා 49ක් ඝාතනය කරයි; තවත් 20කට බරපතළයි (වීඩියෝ)

Spread the love

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක අද සිදුවූ වෙඩි තැබීමෙන් වන්දනාකරුවන් 49ක් මිය ගොස් 20දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධියෙන් මේ වනවිට 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව රොයිටර් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව නවසීලන්ත පොලිසිය පවසයි.

නවසීලන්තයේ දේවස්ථාන දෙකකදී වෙඩිතැබීම් සිදුව ඇති බව වාර්තා වේ.

මෙලෙස වෙඩි තැබූ තුවක්කුකරු ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඇති දක්ෂිණාංෂික අන්තවාදියකු යැයි ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පැවැසීය.

“ක්‍රයිස්ට්චර්ච්හිදී වෙඩි තැබීම කළේ දක්ෂිණාංෂික අන්තවාදියෙක්, ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදියෙක්. ඔහු ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ පුරවැසියෙක්” යැයි ඕස්ට්‍රේලියානු අගමැතිවරයා කීය.

RSL

Related Posts