මංගලගේ ඇමතිකම ජනාධිපති යටතට! ඉතිරි කොටස රුවන්ට

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දෙන ලදී. ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කළ මංගල සමරවීරගේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ඉවත් කෙරෙනු ඇත. කැබිනට් ඇමතිවරයෙකු නොමැතිව කැබිනට් නොවන ඇමතිවරයෙකු යටතට ජනමාධ්‍ය විෂය පැවරීමත් සමග ජනමාධ්‍ය කැබිනට් ඇමතිවරයා ලෙස නිතැතින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමට නියමිතය. අගමැති රනිල් …

Continue Reading

එජාප සභාපති කබීර් හෂීම්ගේ සහෝදරයා බලය යොදා කොළඹ පවුල් 500කගේ ඉඩම් කොල්ල කයි! (Video)

එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ වත්මන් එජාප ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන කබීර් හෂීම්ගේ සහෝදරයා මෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන එම්.එච්.එම හම්සා නැමැත්තා කොළඹ කොම්පඤ්ඤවීදියේ අහිංසක දුප්පත් අඩු ආදායම් ලාභී පවුල් 500 කට ආසන්න ප්‍රමාණයක් පරම්පරා 03කට අධික කාලයක් තිස්සේ ජීවත්වන අක්කර 10කට ආසන්න ඉඩම් ප්‍රමාණයක දේශපාලන බලය යොදාගනිමින් කොල්ල කෑමේ දැඩි උත්සහයක නිරත වන බවට වාර්තාවේ. මහනුවර ප්‍රදේශයේ සිංහල – මුස්ලිම් …

Continue Reading

අපි වැඩ කරන්නේ ධර්මයට, ඔවුන් බෙර ගහන්නේ දේශපාලනයට

මට කොපමණ ‍දොස් කීවත් මා කියන්නේ සිංහල බෞද්ධයන් අතරින් වැඩ කරන අය බෙර ගහන්නේවත්, බෙර ගහන අය වැඩ කරන්නෙත් නෑ. සමහරු බුද්ධ ධර්මයටත් ඉහළින් ගොස් සිංහල බෞද්ධයන් ලියාපදිංචි කරනවා. බෞද්ධයෝ කවුද? බෞද්ධ නොවන අය කවුද කියා ලියාපදිංචි කරන්නේ ඒ අය යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළොන්නාව, සේදවත්ත වෙහෙරගොඩැල්ල විහාරස්ථානයේ ඉදිකළ රන් වැට සසුනට පූජා කිරීමේ …

Continue Reading

එක්සත් ජාතික පක්ෂයේ කමිටුව ගැන කිසිම විශ්වාසයක් නැහැ; රන්ජන් CIDයට යයි (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පත් කළ කමිටුව සම්බන්ධයෙන් තමාට විශ්වාසයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි. අද(22) උදෑසන රංජන් රාමනායක මහතා එම කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මේ බව සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂය තුළ සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදු කිරීම හේතුවෙන් රාජ්‍ය …

Continue Reading

මාධ්‍යවේදියාට පහර දුන් පොලිස් පරීක්ෂකවරයා අත් අඩංගුවට

යාපනයේ මාධ්‍යවේදියකුට පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් පරීක්ෂකවරයා රුපියල් 50,000ක ඇප මත මුදාහැර තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ යාපනය කෝපායි පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක ඒ.ජී. ගුණරත්න නමැති අයයි. අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් වූ නඩු විභාගය මාර්තු 26 වැනිදා නැවත කැඳවන බවද අධිකරණය නියෝග කළේය. පහරදීම …

Continue Reading

ජනතාව මත බර පටවන මිල වැඩිකරන සූත්‍රවලට මම ඉඩ දෙන්නේ නැහැ

අහිංසක පාරිභෝගික ජනතාව මත බර පටවන මිල වැඩි කරමු යැයි කියන සූත්‍රවලට අමාත්‍යවරයා ලෙස තමා කිසි ලෙසක කිසි විටෙක ඉඩ ලබා නොදෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි. ඊයේ(21) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී, කෙරවලපිටිය මෙගාවොට් 300 සංයුක්ත ද්විත්ව චක්‍රීය බලාගාර ටෙන්ඩරය පිළිබඳව පැවති විවෘත මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් …

Continue Reading

ජනපති මෛත්‍රීගේ අවංකභාවය ව්‍යාවස්ථාදායක සභාව තම දේශපාලන අරමුණු වෙනුවෙන් අවභාවිතයේ යොදවලා

මීට පෙර විධායක ජනාධිපතිවරයාගේ තනි මතයට සහ රුචිකත්වය මත ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරන් පත්කිරීමට තිබූ විධායක බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අහෝසි කරමින් 19 වන ව්‍යාවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම අරමුණු කරගත් ව්‍යවස්ථාදායක සභාව අද ඉතා කුමන්ත්‍රණකාරී ලෙස එක් කණ්ඩායමකදී දේශපාලන අරමුණු වෙනුවෙන් සැලසුම් සහගතව අවභාවිතාවේ යොදවමින් ජනාධිපතිවරයා ලෙස තමා එදා පාරිශුද්ධ වේදනාවෙන් සිදුකළ දෙය එම පිරිස් …

Continue Reading

අර්ජුන සහ රණතුංග සහෝදරයෝ යළි පරිදී; බලය නැතත් තිලංග යළි ජයගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය ඇල්ලීම සඳහා අර්ජුන රණතුංග ප්‍රමුඛ රණතුංග සහෝදර සමාගම ගත් උත්සහය මෙවරද පරාජය කිරීමට තිලංග සුමතිපාල සමත්ව තිබේ. ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් සභාපති ධුරය සදහා වැඩි ඡන්දයෙන් ශම්මිද සිල්වා තේරී පත් විය. ඔහු ඡන්ද 83ක් ලබා ගත් අතර සභාපති ධුරය සදහා තරග වැදුනු අර්ජුන රණතුංග පාර්ශවයේ ජයන්ත ධර්මදාස මහතාට …

Continue Reading

දරුවන්ට මානසික පීඩනයක් වුණු පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමේ තීරණය ලගඳීම ගන්නවා

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකග වන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය. පහ වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලූ දෙනාගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.   ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (20 වැනිදා) සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැති දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ …

Continue Reading

නීතිඥ සංගමයේ සභාපති පුටුව ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්සට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ඊයේ(20) පැවති නිල වරණයෙන් තේරීපත්ව තිබේ. ඔහු ඡන්ද 4677ක් ලබාගෙන ඇති අතර එම ධුරය සඳහා තරග කළ නීතිඥ මහින්ද ලොකුගේ ඡන්ද 1415ක් ලබාගත්තේය. ඒ අනුව වැඩි ඡන්ද 3262කින් ඔහු සභාපති ධුරයට තේරීපත්ව තිබේ. එම සංගමයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා අද ඡන්ද විමසුමෙන් තේරීපත්වුණි. ඒ සඳහා ඔහුට …

Continue Reading