ජනතාව මත බර පටවන මිල වැඩිකරන සූත්‍රවලට මම ඉඩ දෙන්නේ නැහැ

Spread the love

අහිංසක පාරිභෝගික ජනතාව මත බර පටවන මිල වැඩි කරමු යැයි කියන සූත්‍රවලට අමාත්‍යවරයා ලෙස තමා කිසි ලෙසක කිසි විටෙක ඉඩ ලබා නොදෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.

ඊයේ(21) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී, කෙරවලපිටිය මෙගාවොට් 300 සංයුක්ත ද්විත්ව චක්‍රීය බලාගාර ටෙන්ඩරය පිළිබඳව පැවති විවෘත මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක,

“මමත්, රාජ්‍ය අමාත්‍යතුමත් අපේ අමාත්‍යාංශයත් එකතු වෙලා මේ හැම ගැටළුවක්ම හැකි ඉක්මණින් නිවැරදි තත්ත්වයට ගෙන එන්නම්. එහෙම නැතිව එක්කෙනෙක් දෙන්නෙක් ඉලක්ක කිරීම නෙමෙයි කල යුත්තේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍රවල දැනට බිලියන 420 ක අලාභයක් සටහන් වෙලා තිබෙනවා. ගිය වසරේ බිලියන් 27 ක අලාභයක් සටහන් වුණා.

මේ වසරේ ඇස්තමේන්තු කරලා තිබෙනවා බිලියන් 89 ක අලාභයක්. හිටිය මුදල් ඇමති වශයෙන් මටත් කාර්යභාරයක් පැවරිලා තිබෙනවා රාජ්‍ය අමාත්‍යවරයාත් සමග මේ අලාභය නැති කරන්නට. නැත්නම් මේවට වන්දි ගෙවන්න වෙන්නේ අපේ පාරිභෝගිකයාට.

හැම වෙලාවකම ඒ අයට ප්‍රශ්නේ දාලා, හරි අපි එහෙනම් මිල වැඩි කරමු කියලා කියන සූත්‍රයට මම ඉඩ දෙන්නේ නැහැ. ජනනය කිරීමේ මිල අවම කිරීම තමයි අවශ්‍ය වන්නේ. අද සම්පූර්ණ ධාරිතාවය තිබෙනවා මෙගාවොට් 4096 ක්.

මේකෙන් බිලියන් 14,500 ක් ඒකක නිෂ්පාදනය කරනවා .මෙයින් එක් ඒකකයක් නිෂ්පාදනය තකරන්න යන වියදම රැ. 22.77. අපි විකුණන්නේ 16.21ක්. මේ පරතරය නිසා ඇතිවන අලාභය නැති කරන්න තමයි අවශ්‍ය වන්නේ.

අපට අවශ්‍ය වන්නේ නීත්‍යානුකූව මෙය කරන්නේ කොහොමද කියලායි. අපි හදිසි විදුලිය මිලදී ගැනීම් නැවැත්තුවෙ ඇයි. ඒකෙන් රටට අලාභයක් සිදුවන නිසා. නමුත් අපි යම් විදියකින් අභියෝගයක් බාර ගත්තා.

බැරි වෙලාවත් අපි හදිසි විදුලිය මිලදී ගැනීම් කළානම්, ඒක තමයි රටට කරන ලොකුම හෙනය. ටෙන්ඩරයක් දැම්මම අවුරුදු ගණනාවක් යනවා. කව්ද ඒවට වන්දි ගෙවන්නේ. අපේ අහිංසක ජනතාව. මේ හදිසි විදුලිය මිලදී ගැනීමේ අවශ්‍යතාව ලබන අවුරුද්දෙත් ඒවි. අන්න ඒක නැති කරගන්න තමයි අපි හිතුවේ” යැයි පැවසීය.

RSL

Related Posts