ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම්වලට කිසිදු හමුදා නිලධාරියෙක් සම්බන්ධ නැහැ – හමුදාපති අවධාරණය කරයි (වීඩියෝ)
ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම්වලට කිසිදු හමුදා නිලධාරියෙක් සම්බන්ධ නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කරයි. හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ(16) මාධ්‍ය හමුවක් කැඳවමිනි. මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීහු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුදාපතිවරයාට දුන් දුරකතන ඇමතුම පිළිබඳව විමසූහ. ඊට පිළිතුරු ලබා දෙමින් හමුදාපතිවරයා පැවසුවේ, රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා තමාට දුරකතන ඇමතුමක් ලබා දී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් …
Continue Reading
එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම අවශ්‍යයි
මේ වගේ ගැටුම්කාරී අවස්ථාවක රටක් තුළ ඉතාමත් ලෙහෙසියෙන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට පුළුවන්. ඒ ස්වරූපය තමයි දැන් අපට ලංකාව තුළ පේන්න තියෙන්නේ. ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දීලා ඒක ඉදිරියට ගෙන යන ස්වරූපයක් තමයි දැන් තියෙන්නේ. නායකයෝ වශයෙන් අපේ එකම අරමුණ වියයුත්තේ, මේ ඇතිවී තිබෙන යම් යම් ආකාරයේ ගැටුම්, සිත්තැවුල් ආදිය සමනය කර, ජනතාව සාමකාමී තත්ත්වයකට පත්කිරීමයි. මේ සම්බන්ධයෙන් අප කළයුතු එකම දේ තමයි ජාතියක් …
Continue Reading
රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය විපක්ෂයෙන් කථානායකට! ඒත් විපක්ෂ නායක මහින්ද රිෂාඩ්ට එරෙහි වන්න බැහැ කියා කට්ටි පැනලා
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් යළි පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව චෝදනා දහයක් යටතේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හතර දෙනකු අත්සන් කළ විශ්වාසභංග යෝජනාව ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාට භාර දෙන ලද අතර එහෙත් ඊට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකර මාරු වී තිබීම සුවිශේෂී සිදුවීමක් විය. මේ මොහොතේ …
Continue Reading
ජූලියන් අසෝන්ඡ් ප්‍රගතිශීලී මාධ්‍යවේදී වීරයෙකු මිස අපරාධකරුවකු නොවේ
පසුගිය මැයි 03 වැනිදා ‘ලෝක පුවත්පත් නිදහස් දිනයයි. සුපුරුදු පරිදි යුනෙස්‌කෝ සංවිධානය විසින් එම දිනය සමරන ලද මුත් උත්ප්‍රාසය නම් අධිරාජ්‍යවාදී රාජ්‍යයන්හි සහ ධනපති ආයතනවල දූෂණ සහ කුරිරු දේශපාලනය රැගත් රහස් ලේඛන මිලියන ගණනින් ජනතාවගේ දැන ගැනීම පිණිස අනාවරණය කළ අසෝන්ඡ් ගැන කිසිම සඳහනක් නොකිරීමය. අවම වශයෙන් අසෝන්ඡ් කව්ද? පුවත්පත් කලාව සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් ඔහු කළ කැපවීම …
Continue Reading
බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් ප්‍රමාණයකට ජනපති සමාව
මෙවර වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමට නියමිතයි. මෙම උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේදී වෙසක් පුර පසළොස්වක පෝදා (18) පෙරවරු 10ට සිදු කිරීමට නියමිතව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙසේ සිරකරුවන් සඳහා ජනාධිපති පොදු සමාව ලබා දීමට නියමිත අතර, සියලුම සිරකරුවන් සඳහා නිදහස ලබාදීම වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණය තුළ දී …
Continue Reading
ජාතිවාදී ගිනි අවුලුවන්න ගිය ත්‍රස්තවාදීන් 78ක් අත්අඩංගුවේ! වසර 10ක් හිරේ! ඇප මහාධිකරණයෙන්ම පමණයි
පසුගියදා වයඹ පළාත තුළ ඇතැම් ස්ථානවල අන්තවාදී සහ ප්‍රචණ්ඩකාරී අයුරින් ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීමට උත්සහ ගත් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. අද(15) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව දන්වා සිටි අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන් කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය සහ හලාවත යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බවද …
Continue Reading
රටම අනතුරක ඇති මොහොතේ නීති විරෝධී ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තීය සමිතියක් අකුරට වැඩ! බලය නොයෙදුවොත් ඇමති ඇතුළු මණ්ඩලයටම නඩු!
රටම දැඩි අනතුරු දායක තත්වයකට පත්ව ඇති මොහොතක අධිකරණය මඟින් පවා තහනම් කළ වැටුප් වර්ධකයක් වහාම ලබාදෙන ලෙසට ඉල්ලා දේශපාලන න්‍යාය පත්‍රයක් මත ක්‍රියාත්මක වන විදුලි මණ්ඩලයේ ඉන්ජිනේරු වෘත්තිය සමිතිය විසින් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත. විදුලි මණ්ඩලයේ ඉන්ජිනේරුවන්ගේ මෙම ඊනියා වෘත්තීය සමිතිය විසින් කරන මෙම පුහු ඉල්ලීම නම් පසුගිය අප්‍රේල් මස සිට අදාළ වැටුප් වර්ධකය ලබාදෙන ලෙසයි. …
Continue Reading
ෂරියා විද්‍යාලය වහාම රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරනු! දශලක්ෂයක අත්සනින් යුතු පෙත්සමක්!
නැගෙහිර ආණ්ඩුකාර ඒ.එච්.එම්. හිස්බුල්ලා විසින් වංචනික ලෙස විවිධ මාර්ග භාවිතා කරමින් ගොඩනඟා ඇති පෞද්ගලික ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරන ලෙසට බලකරන දශ ලක්ෂයක අත්සනින් යුතු මහජන පෙත්සමක් සඳහා වන මහජන ව්‍යාපාරයක් ඊයේ(13) ආරම්භ විය. මේ සඳහා දින 14ක් තුළ අත්සත් දශ ලක්ෂයක් එකතු කිරීමට බලාපොරොත්තු වන අතර එය අන්තර් ජාල පෙත්සමක් ලෙස ” …
Continue Reading
උදාවන රාත්‍රීයේ ඇඳිරි නීතිය: ගම්පහට 7ට සිට; වයඹට සවස 6ට සිට; මුළු රටටම 9 සිට
දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (14) රාත්‍රී 9.00 සිට හෙට (15) පෙරවරු 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය. මේ අතර ගම්පහ පොලිස් කොට්ඨාසයට අද පස්වරු 7.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. නැවතත් වයඹ පළාතට බලපැවැත්වෙන ලෙසට අද පස්වරු 6 සිට හෙට(15) උදෑසන 6 දක්වා ඇඳිරි …
Continue Reading
සැලසුම් සහගතව ප්‍රචණ්ඩත්වය ඇතිකරන පිරිසක් සිටිනවා
මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ගැටුම් සහ කළහාකාරී සිදුවීම් ඇති කිරීම පිටුපස සංවිධානාත්මක පිරිසක් සිටින බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි. කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වෙයි. දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙන සාමය කඩවන ආකාරයේ ක්‍රියාකාරකම් සහ සිතාමතා සිදුකරනු ලබන සාමයට හානිකර ප්‍රචාරණයන් පිළිබඳව මෙම මාතෘභූමියට සහ අනාගත පරපුරට ආදරය කරන පුරවැසියන් …
Continue Reading