ෂරියා විද්‍යාලය වහාම රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරනු! දශලක්ෂයක අත්සනින් යුතු පෙත්සමක්!

Spread the love

නැගෙහිර ආණ්ඩුකාර ඒ.එච්.එම්. හිස්බුල්ලා විසින් වංචනික ලෙස විවිධ මාර්ග භාවිතා කරමින් ගොඩනඟා ඇති පෞද්ගලික ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරන ලෙසට බලකරන දශ ලක්ෂයක අත්සනින් යුතු මහජන පෙත්සමක් සඳහා වන මහජන ව්‍යාපාරයක් ඊයේ(13) ආරම්භ විය.

මේ සඳහා දින 14ක් තුළ අත්සත් දශ ලක්ෂයක් එකතු කිරීමට බලාපොරොත්තු වන අතර එය අන්තර් ජාල පෙත්සමක් ලෙස ” https://www.thinduwa.com/ ” වෙබ් අඩවිය හරහා සිදුකෙරේ.

“නැගෙනහිර ෂරියා විද්‍යාලය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරමු” වන මැයෙන් වන මහජන පෙත්සම ජනගත කිරීම ඊයේ(13) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු වූ අතර මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන් වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ආචාර්ය විශාඛා සුරියබණ්ඩාර, කථිකාචාර්ය නිම්සිරි ජයතිලක යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා, පවසා සිටියේ තමා මේ සඳහා සහභාගීවන්නේ දේශපාලඥයෙකු ලෙස නොව රටේ ජාතික ආරක්ෂාව සහ සියලු ජාතීන්ගේ එකමුතුව තුලින් ජාතික සමඟිය තහවුරු වුණ සුරක්ෂිත රටක් මතුපරපුර ලබාදීමේ අදහසින් බවත්ය.

පසුගියදා පාර්ලිමේන්තුවේදී, මෙම ෂරියා විද්‍යාලය වහාම රජයට පවරා ගත යුතු බවත්, එය උතුරු – නැගෙනහිර රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කළ යුතු බවටත් වූ අදහස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේද පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසිනි.

මෙම අවස්ථාවට එක්ව සිටි විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් පවසා සිටියේ, ආගමික අන්තවාදයක් මුල් කරගත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් මෙරට ඇති කිරීමට තමන් දැඩි සේ විරුද්ධ බවත්, එවැන්නකට කිසිඳු ලෙසකින් ඉඩ තැබිය නොහැකි බවත්ය. එම නිසා වහාම ආගමික අන්තවාදයට පණ පොවන, පෞද්ගලික ජාතිවාදී දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගන්නා මෙම පෞද්ගලික ෂරියා විද්‍යාලය කොන්දේසි විරහිතව වහාම රජයට පවරා ගන්නා ලෙස ඔවුහු බලකර සිටියහ. වසර ගණනාවක් විශ්ව විද්‍යාල සිසුන්ගේත්, ජනතාවගේත් කාලය සහ ධනය විනාශ කරමින් ජාතික ප්‍රශ්නයක් බවට දේශපාලඥයින් විසින් පත්කර වවාගෙන කෑ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරාගත් ආකාරයටම, එපමණ කාලයක් කා නොදමනා මහා ජාතික ව්‍යයසනයක් බවට පත්කිරීමත්, ජාතික ආරක්ෂාව, ජාතික සමඟිය බිඳ හෙලීමටත් අටවන ලද කාල බෝම්බයක් වූ මෙම ෂරියා විද්‍යාලය හැකි ඉක්මනින් රජයට පවරා ගත යුතු බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කර සිටියහ.

නැගෙනහිර ආණ්ඩුකාර එ.එච්.එම්. හිස්බුල්ලා විසින් රුපියල් බිලියන 7කට එහා ගිය මුල්‍ය වංචා සිදුකරමින් ආගමික අන්තවාදය ව්‍යාප්ත කිරීමට ඉදිකළ ෂරියා විද්‍යාල අහෝසි කොට රජයට පවරාගන්නා ලෙස වන අත්සන් දශ ලක්ෂයේ අන්තර්ජාල පෙත්සමට, අත්සන් තැබීමට ඔබටත් මෙම වෙබ් අඩවියට
https://www.thinduwa.com/ පිවිසීමෙන් සහ මේ මත එබීමෙන් එක්විය හැක.

RSL

Related Posts