ජාතිවාදී ගිනි අවුලුවන්න ගිය ත්‍රස්තවාදීන් 78ක් අත්අඩංගුවේ! වසර 10ක් හිරේ! ඇප මහාධිකරණයෙන්ම පමණයි

Spread the love

පසුගියදා වයඹ පළාත තුළ ඇතැම් ස්ථානවල අන්තවාදී සහ ප්‍රචණ්ඩකාරී අයුරින් ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීමට උත්සහ ගත් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අද(15) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව දන්වා සිටි අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන් කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය සහ හලාවත යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බවද ප්‍රකාශ කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 27 දා දක්වා රිමාන්ඩ් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම සැකකරුවන්ට ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයකින් පමණක් බවත් ඔවුන් වරදකරුවන් වුණොත් වසර දහයක කාලයක සිර දඬුවම් ලැබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

තවද පොලීසිය බාරයේ පවතින වීඩියෝ දර්ශන ගණනාවක් ඔස්සේ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බවත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ අනෙක් පුද්ගලයන් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Loading...

RSL

Related Posts