ආරක්ෂක ඇමැතිධුරය සරත් ෆොන්සේකාට?
පසුගිය දා අභාවයට පත් ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධනගෙන් හිස් වූ එ.ජා.ප. ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය කා හට හිමි වේ ද යන්න පසුගිය දිනවල බොහෝ කතා බහට ලක් වූ කරුණකි. උපුල් ශාන්ත, රෝසි සේනානායක වැනි පරාජිතයන් ද මේ කෙරෙහි ඇස ගසා සිටි අතර ජාතික ලැයිස්තුවේ පිරිසක් ද මේ අතර වෙති. එමෙන් ම ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපතිවරයාට මෙම මන්ත්‍රිධුරය හිමිවනු ඇතැයි ද …
Continue Reading
යෝෂිත රිමාන්ඩ්! ඇයි අවුල් ද?
හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ රාජ්‍ය දේපළ පරිහරණය කර සිය පුද්ගලික ව්‍යාපාරයක් වන සී.එස්.එන්. නම් රූපවාහිනී නාලිකාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙනි. ඒ අද පටන් දින 14කට ය. යුද විරුවා යැයි ඔවුන්ම පලිප්පු දැමූ සරත් ෆොන්සේකා ද මෙයට වසර කිහිපයකට උඩ දී සිරගත කර දැමුණු අයුරු අපට මතක ය.එදා පළිගැනීම් කියා කියන්නට එකෙක් කට ඇරියේ …
Continue Reading
හිම කඳු අතර සැඟවෙන අබිරහස් මෘග මිනිසා
ඒ වෙද්දී ලැප්කා දෝමා හට වයස අවුරුදු දහහතරයි. නේපාලයේ සීතල හිම කඳු අතර මචර්මෝ නිම්නයේ දිවි ගෙවූ ඈ සුපුරුදු පරිදි සිය පවුලේ දායාදය වන යැක් ගව පට්ටිය දක්කාගෙන නිම්නය කරා ඇදුණා. ගවයින් උලා කමින් සිටියදී ඈ දිය පහර අසල ගිමන් හැරියා. හිටිහැටියේම කිසිවෙක් හෝ කිසිවක් තමන්දෙස බලාසිටිතැයි යන හැඟීමෙන් මඩනා ලද ඈ හැරී බැලුවා. පුරාකථා සහ භයානක සිහින වලින් පමණක් …
Continue Reading
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට!
අද දින (30) උදෑසන අපරාධ මූල්‍ය කොට්ඨාසය මගින් හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරයි. ඒ සී.එස්.එන් නාලිකාව සම්බන්ධ මූල්‍ය ගනුදෙනු හේතුවෙනි. බරපතළ අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසම විසින් යෝෂිතව බාරදෙන ලෙස නාවික හමුදාවට දන්වා ඇති බවද එම වාර්තා සඳහන් කරයි. රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග යන අයගෙන් ද ප්‍රශ්න කෙරන බව …
Continue Reading
හෝමාගම උසාවියට ආවේ ගෝඨාභයගේ පිල්ලියක්!
ඕනෑම මෝඩයෙකුට, ළදරුවෙකුට වැටහෙන අධිකරණයට අපහාස කළ යුතු නැතැයි කියන සරල දෙය නොදන්නා සේ පසුගිය දා හෝමාගාම අධිකරණ භූමියේ පිස්සු නැටූ පිරිස මෙහෙයවා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. බොදු බල් සේනා යනු, එවකට ගෝඨාභය රාජපක්ෂලා විසින් නිර්මාණය කරන ලද්දක් බව තහවුරු වී හමාරය. හෝමාගම අධිකරණයේ පිස්සු නැටීමේ මූලික අරමුණ ලෙස සඳහන්වන්නේ යුද්ධය …
Continue Reading
සතිඅග සළරුව – Straight Outta Compton (2015)
ධනවාදය දරා සිටිමින් ප්රජාතන්ත්රවාදය විශ්වාසය කරන ඇමෙරිකානු සමාජයේ තවමත් හොල්මන් කරමින් ඇති කළු-සුදු භේදවාදය අප්‍රිකානු-ඇමෙරිකානු තරුණපරපුර රැගෙන යන මානය හෙළි කෙරෙන සිනමා පටයකි ස්ට්‍රේට් අව්‘ට කොම්ටන්. (Straight Outta Compton) එහි කියැවෙන්නේ රැප් සංගීත කරලියේ කිරුළුපලන් තාරකා බවට පත්වූ, ඩොක්ටර් ඩ්‍රේ, එම්සී රෙන්, ඊසී-ඊ, ඩීජේ යේලා සහ අයිස් කියුබ් යන සංගීත ශිල්පීන් සිය “එන්.ඩබ්ල්යු.ඒ” කණ්ඩායම සමග තරු ගමන ඇරඹූ මුල් යුගය …
Continue Reading
හෝමාගමට ආවේ ඇත්ත බෞද්ධ හිමිවරුන් ම ද?
අධිකරණයෙහි විභාග වන නඩු කටයුත්තක් කෙරෙහි බලපෑම් කිරීම නීතිවිරෝධී පමණක් නොව ආචාරවිරෝධී බව හය හතර තේරෙන වයසේ කුඩා දරුවෙක් වුව ද දන්නා කරුණකි. ඥානසාර තෙරණුවෝ කියන පරිදි බොහෝ ශාසනික, සාමයික කටයුතු සමඟ කාලයක් හෙතෙම වැඩ කරලා ද තිබේ. ඉතින් එතරම් දේවල් දන්නා බොදු බල සේනා මහලේකම්වරයා එම සරල සත්‍යය නොදන්නේ නොවේ. හෝමාගම අධිකරණයට පැන උසාවිය අස්සේ කලබැගෑනි ඇති කර රක්ෂිත …
Continue Reading
ස්වාධීන රූපවාහිනියට ලක්ෂ 25ක රාජපක්ෂ පොල්ලක්!
පසුගිය ජනාධිපතිවරණය සමයේ එවක ජනපති මහින්ද රාජපක්ෂගේ දැන්වීම් ප්‍රචාරය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවය වෙනුවෙන් ගෙවිය යුතු ව තිබුණු රුපියල් 2500000ක මුදලක් ගෙවා නොමැති බව බරපතළ වංචා දූෂණ පිලිබඳ ජනාධිපති කොමිසම අනාවරණය කරගෙන ඇත. ස්පෙල් සොලියුෂන් නම් ආයතනයක් හරහා ඒවා ප්‍රචාරය කර ඇති අතර ඒවා ගෙවිය යුතුව ඇත්තේ එම සමාගම යි. සාමාන්‍ය ක්‍රමවේදයට අනුව නම් දැන්වීම් ප්‍රචාරණයට පෙර මුදල් ගෙවා අවසන් …
Continue Reading
කැබිනට් මණ්ඩලයේ ගැටුම්!
යහපාලන කැබිනට් මණ්ඩලය සමන්විතව ඇත්තේ විවිධ මතවාදයන් නියෝජනය කරන බලවේගයන්ගෙනි. විවිධ පරස්පරතාවන් දැන් දැන් ඉස්මතු වෙමින් ගැටුම් ඇතිවන්නට පටන් ගෙන ඇත. අමාත්‍ය දයා ගමගේ විසින් මහා නගර සම්බන්ධ අමාත්‍යවරයා වන පාඨලී චම්පික රණවක විසින් ක්‍රියාත්මක කරමින් සිටින වේරැස් ගඟ ව්‍යාපෘතියට අදාළව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. මේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ දී පාර්ශ්ව කිහිපයකට අසාධාරණයක් වූ බව එම පෙත්සමේ …
Continue Reading
සාමාන්‍ය පෙළ අසමත් ලුතිනන්!
නාවික හමුදාවට බඳවා ගැනීමේ සුදුසුකම්වලට අනුව අපොස සාමාන්‍ය පෙළ එක්වරක දී ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයයන්වලට සම්මාන සමග සම්මාන සාමාර්ථ හයක්වත් තිබිය යුතු වුවද එවක ජනපති පුත්‍රයෙක් වූ යෝෂිත රාජපක්ෂට සිංහල විෂයට තිබී ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයකි. එනමුත් 2004 දී නැවත විභාගයට පෙනී සිටිමින් සිංහල සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගන්නට තරම් ඔහු දක්ෂ වී තිබේ. පුහුණුව ලබන කණ්ඩායමේ දක්ෂත ම …
Continue Reading