අද දින (30) උදෑසන අපරාධ මූල්‍ය කොට්ඨාසය මගින් හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරයි. ඒ සී.එස්.එන් නාලිකාව සම්බන්ධ මූල්‍ය ගනුදෙනු හේතුවෙනි. බරපතළ අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසම විසින් යෝෂිතව බාරදෙන ලෙස නාවික හමුදාවට දන්වා ඇති බවද එම වාර්තා සඳහන් කරයි.
රොහාන් වැලිවිට, නිශාන්ත රණතුංග යන අයගෙන් ද ප්‍රශ්න කෙරන බව වැඩිදුරටත් සඳහන් වේ. කෙසේ වෙතත් සී.එස්.එන් හි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සේවය කළ යසාරා අබේනායක ගිය වසරේ දී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දීර්ඝ ප්‍රකාශයක් ලබා දී තිබුණි.
Loading...