හෝමාගම උසාවියට ආවේ ගෝඨාභයගේ පිල්ලියක්!

Spread the love

Gotas 3ඕනෑම මෝඩයෙකුට, ළදරුවෙකුට වැටහෙන අධිකරණයට අපහාස කළ යුතු නැතැයි කියන සරල දෙය නොදන්නා සේ පසුගිය දා හෝමාගාම අධිකරණ භූමියේ පිස්සු නැටූ පිරිස මෙහෙයවා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. බොදු බල් සේනා යනු, එවකට ගෝඨාභය රාජපක්ෂලා විසින් නිර්මාණය කරන ලද්දක් බව තහවුරු වී හමාරය.

හෝමාගම අධිකරණයේ පිස්සු නැටීමේ මූලික අරමුණ ලෙස සඳහන්වන්නේ යුද්ධය අවසාන වීමෙන් පසුවත් සිය දේශපාලන සතුරන් මර්ධනයට උදව් කළ බුද්ධි අංශ නිලධාරීන් ගලවා ගැනීමට තැත් කිරීමයි. නිසැකව ම ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම පසුපස මහමොළය අහවලා බැවින් බුද්ධි අංශ නිලධාරීන් හරහා එය හෙළිදරව්වීම වැළැක්වීම මේ පසුපස ඇති ප්‍රබල ම කාරණය යි.

මාධ්‍ය වීරයෙක් වෙන්නට දඟලන ඥානසාර හිමි මෙවැනි අත්අඩංගුවට ගැනීමක් බලාපොරොත්තු නොවුණු අතර, දැන් ඔහු කළකිරීමට පත්ව ඇතැයි දැනගන්නට ඇත.

මෙයට පෙරද හමුදා අංශ විසින් අපරාධයන් කර ඇති අවස්ථාවලදී නීතිමය ක්‍රියාමාර්ග ගැනුණු අතර මෙම අවස්ථාව විශේෂයක් වී ඇත්තේ මේ පිටුපස සිටින දේශපාලන ප්‍රභූවරු නිසා බව සැකයක් නැත.

RSL

Related Posts