හෝමාගමට ආවේ ඇත්ත බෞද්ධ හිමිවරුන් ම ද?

Spread the love

Monkඅධිකරණයෙහි විභාග වන නඩු කටයුත්තක් කෙරෙහි බලපෑම් කිරීම නීතිවිරෝධී පමණක් නොව ආචාරවිරෝධී බව හය හතර තේරෙන වයසේ කුඩා දරුවෙක් වුව ද දන්නා කරුණකි. ඥානසාර තෙරණුවෝ කියන පරිදි බොහෝ ශාසනික, සාමයික කටයුතු සමඟ කාලයක් හෙතෙම වැඩ කරලා ද තිබේ. ඉතින් එතරම් දේවල් දන්නා බොදු බල සේනා මහලේකම්වරයා එම සරල සත්‍යය නොදන්නේ නොවේ.

හෝමාගම අධිකරණයට පැන උසාවිය අස්සේ කලබැගෑනි ඇති කර රක්ෂිත බන්ධනාගාරගතවීම ඒ අනුව කළින් සූදානම් කරගත් නාටකයක් බව පැහැදිලි වී යා යුතු ය. ජාතිවාදීන් සියල්ල එක් පෙරමුණකට සන්ධානගතවෙමින් යන මේ මොහොතේ සිංහලේ අමු ජාතිවාදී සංවිධාන පැන නගින්නේත්, ඥානසාදුලා රිමාන්ඩ් වඩින්නේත් වෙන වෙන ම වුවත් මේවා අතර අන්තර්සම්බන්ධයක් තිබේ.

හෝමාගම උසාවියට ඥානසාදු ගෙන එද්දී විරෝධය පළ කරන්නට පැමිණි සියලු චීවරධාරීන් බෞද්ධ භික්ෂූන් ම ද යන්න සැකයක් ඇතැයි විවිධ තැන්වලින් ආරංචි පළ වේ. බෞද්ධ භික්ෂුව යනු කවරෙක් ද යන්න අතිශය විවාදාපන්න මොහොතක අපේ අදහස නම් මෙලෙස හැසිරෙන්නට කිසිදු බෞද්ධ භික්ෂුවකට බැරි බව ය. කෙසේ වුවත් එදින උසාවියේ එම පිරිස හැසිරුණ ආකාරය අනුව එය සංවිධානාත්මක දේශපාලන ව්‍යාපෘතියක එක් කොටසක් බවත්, එදිනට පමණක් සිවුරු පොරවාගත් පිරිසක් එහි සිටින්නට ඇති බවත් බොහෝ දෙනා මත පළ කරති.

RSL

Related Posts