මහඇමති ඉසුරගේ පුටුවක් රු.6,44,000 ක් නොව රු. 8,44,000 බව හෙළිවෙයි
බස්නාහිර පළාත් සභා රැස්වීම් ශාලාවේ සවිකිරීමට බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාගේද අනුදැනුම මත ඇණවුම් කළ පුටුවක මිල රුපියල් 6,44,000 ක් නොව රුපියල් 8,44,000 ක් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ඊයේ (13) පැවසීය. මේ අනුව රුපියල් ලක්‍ෂ 997 ක වියදමින් ගෙන්වීමට ඇණවුම් කළ එම පුටු ටෙන්ඩරය ඊයේ අවලංගු කර ඒ බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත දැනුම් …
Continue Reading
ත්‍රස්තවාදයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයන් දෙමළ ජනසමාජය ඉලක්ක කර ගත් එකක් වුණේ නැහැ.. (වීඩියෝ)
යුද්ධයේ අවසාන කාලවකවානුවේදී එක්සත් රාජධානියේ විදේශ ලේකම් සහ ප්‍රංශයේ විදේශ ඇමති තමා හමු වූ බවත් එහිදී ඔවුන් යුද ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන නොයන ලෙස දැඩිව කියා සිටි බවත්, එහෙත් ත්‍රස්තවාදයෙන් බැට කන දමිල, මුස්ලිම්, සිංහල යන මගේම සියලු ජනතාව ඉන් මුදා ගැනීම වෙනුවෙන් තමා ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය ක්‍රියාත්මක කළ බව ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ නවදිල්ලි නුවර …
Continue Reading
මංගල කැබිනට්ටුවේදී 99න් බේරෙයි!
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(13) පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එය වචන වලින් එහා නොගොස් බේරී ඇත්තේ අනූ නවයෙන් බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් පක්ෂව කතා කළ යුතු බවට හැගෙන ආකාරයේ …
Continue Reading
බැඳුම්කරය යටගහන්න පර්පෙචුවල් දුන් චෙක් වවුචර් 112 ක් මෙන්ඩිස් සමාගම විනාශ කරලා
මහ බැංකු බැඳුම්කර කොල්ලය යට ගැසීම සඳහා මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව සක‍්‍රීයව තිබියදී පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම විසින් ලබාදුන් මුදල් සැකසහිත ලෙස තුන්වන පාර්ශ්වයකට බෙදාදීමට අදාළ මුදල් චෙක්පත්වලට සම්බන්ධ වවුචර්පත් 102 ක් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් විනාශ කර ඇති බවට සාක්‍ෂි ඉදිරිපත් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (13) කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු …
Continue Reading
ඝාතන තැතක් ලෙස මෛත්‍රී-ගෝඨා වෙනුවෙන් දෙපිටකාට්ටුවෝ පැළ කරන්න ගිය පුවත විගඩමක් වෙයි (වීඩියෝ)
ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මාධ්‍ය ආයතනයක් විසින් විශේෂ ප්‍රචාරණයක් ලබාදෙමින් ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සැලසුම් කරන බවට “දූෂණ විරෝධී බලකාය” නැමැති ඊනියා සංවිධානයක් විසින් අද(13) මාධ්‍ය හමුවේ ජවනිකාවක් රඟ දක්වා තිබේ. අප වෙත වාර්තා වන පරිදි මහින්ද ලඟ එක් අඩියකුත්, ජනපති සිරිසේන ලඟ තව අඩියකුත් තබාගෙන නඩු …
Continue Reading
රට ඉදිරියට ගෙනියන්න අමාරු බව දැනගෙන තමා අපි ආණ්ඩුව අරගත්තේ..
රට ඉදිරියට ගෙන යෑමට අපහසු බව දැන දැනත් අප ආණ්ඩු බලය ලබා ගත්තේ ජනතාවට සහන ලබාදී රට දියුණු කිරීම සඳහායි. සියලු අපහසුතා මධ්‍යයේ අප ඉදිරියට යනවා. ආර්ථිකයක් බිඳ දැමීමට ගතවන්නේ කෙටි කාලයක් වුවත් ආර්ථිකයක් ගොඩනැඟීමට වසර ගණනාවක් ගත වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දිස්ත්‍රිත් බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් පසුගියදා පැවසීය. එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය. මහනුවරට පැමිණ එක්සත් …
Continue Reading
ජනපති හදිසියේම කැබිනට්ටුව කැඳවයි; පැමිණීම අනිවාර්යය කරයි!
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද(13) කැඳවා තිබේ. දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශේෂ කැබිනට් හමුව පැවැත්වීමට නියමිත බවට වාර්තාවේ. සුපුරුදු පරිදි සෑම අඟහරුවාදා දිනකම පෙරවරුවේ සතිපතා කැබිනට් හමුව පැවැත්වෙන අතර, අත්‍යවශ්‍ය කරුණක් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ කැබිනට් හමුව කැඳවා ඇති බවද වාර්තා වේ. ඊයේ (12) පස්වරුව වන විට කැබිනට් ඇමැතිවරුන්ට මෙම පණිවුඩය දැනුම් …
Continue Reading
RTI එකත් මංගලගේ මිල සූත්‍රය ගැන කොළේ වසයි
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හඳුන්වා දුන් ‘මිල සූත්‍රය’ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විමසූ විට එම මිල සූත්‍රය සම්බන්ධයෙන් තොරතුරක් දීමට නොහැකි බව නිල වශයෙන් දන්වා ඇති බව ඊයේ (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ මෙන් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ අද බොරතෙල් බැරලයක …
Continue Reading
ගෝඨාභය පැය 04ක් පුරා CIDයට උත්තර බඳී..
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ගල්කිස්‌ස අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව රාජපක්‌ෂ මහතාගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කළ බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය. ඊයේ පෙරවරු 10.00 ට ගෝඨාභය රාජපක්‌ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර සවස 2.00 පමණ වනතුරු ප්‍රශ්න කිරීම් සිදු කෙරිණි. කීත් …
Continue Reading
ජනපතිට ශ්‍රී ලංකන් කජු කැවූ සැපයුම්කරු වෙනස් වෙයි
පසු ගිය දා නේපාලයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන අවස්ථාවකදී ආහාරයට ගත නොහැකි කජු තමාට පිළිගැන්වූ බව ජනාධිපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට චෝදනා කළේය. “මම ගිය සතියේ නේපාලයේ සිට ඉන්දියාව හරහා ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක් කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු. ශ්‍රී ලංකන් ගුවන් සේවයට …
Continue Reading