ජනපතිට ශ්‍රී ලංකන් කජු කැවූ සැපයුම්කරු වෙනස් වෙයි

Spread the love

පසු ගිය දා නේපාලයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන අවස්ථාවකදී ආහාරයට ගත නොහැකි කජු තමාට පිළිගැන්වූ බව ජනාධිපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට චෝදනා කළේය.

“මම ගිය සතියේ නේපාලයේ සිට ඉන්දියාව හරහා ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක්‌ කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගේන මේ කජුවලට අත්සන් කරලා අනුමත කරන්නේ කවුද? ” -ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදු කළ චෝදනාව-

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමාගම මෙම තීරණයට එළඹුන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ ඉහළ තත්වයේ කජු වගාව කොට අපනයනය කළද, ගුවන් සේවය “ශ්‍රී ලංකන්” වුවත්, මෙතෙක් කල් එම සමාගමට කජු සපයා ඇත්තේ ඩුබායි සැපයුම්කරුවෙකු විසින් බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Loading...

RSL

Related Posts