මහඇමති ඉසුරගේ පුටුවක් රු.6,44,000 ක් නොව රු. 8,44,000 බව හෙළිවෙයි

Spread the love

බස්නාහිර පළාත් සභා රැස්වීම් ශාලාවේ සවිකිරීමට බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාගේද අනුදැනුම මත ඇණවුම් කළ පුටුවක මිල රුපියල් 6,44,000 ක් නොව රුපියල් 8,44,000 ක් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ඊයේ (13) පැවසීය.

මේ අනුව රුපියල් ලක්‍ෂ 997 ක වියදමින් ගෙන්වීමට ඇණවුම් කළ එම පුටු ටෙන්ඩරය ඊයේ අවලංගු කර ඒ බව බස්‌නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත දැනුම් දුන් බව ද ආණ්‌ඩුකාර කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ආණ්‌ඩුකාරවරයා පැවසීය.

මෙම පුටු ඇණවුම් කිරීම බස්‌නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් සිදුකර ඇති බවත් එය ඇතුළු කරුණු කිහිපයක්‌ මත ටෙන්ඩරය අවලංගු කළත් පුටු ඇණවුම් කළ සමාගමට වන්දි වශයෙන් සතයක්‌ හෝ ගෙවීමේ අවශ්‍යතාවක්‌ නොමැති බවත් ඒ මහතා අවධාරණය කළේය.

ආණ්‌ඩුකාර හේමකුමාර නානායක්‌කාර මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

බස්‌නාහිර පළාත් සභාව සඳහා අලුතෙන් ඉදිකළ ගොඩනැඟිල්ලේ රැස්‌වීම් ශාලාවට රුපියල් 6,50,000 බැගින් වූ පුටු තොගයක්‌ ඇණවුම් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් බස්‌නාහිර පළාත් ජනතා විමුක්‌ති පෙරමුණු මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතා මට පැමිණිලි කළා. ඒ අනුව මෙම පුටු ගෙන්වීම තාවකාලිකව අත්හිටුවන ලෙස මම බස්‌නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයාට දැනුම් දුන්නා. පළාත් ප්‍රධාන ලේකම්වරයා නියෝජ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සොයා බැලීමට කමිටුවක්‌ පත් කළා. ඒ කමිටුව මට වාර්තාවක්‌ ලබාදුන්නත් එම වාර්තාව දොaෂ සහිතයි. ඒ නිසා මා නීති උපදේශකවරුන් දෙදෙනෙක්‌ සහිතව පත්කළ කමිටුවකින් පුටු ගෙන්වීම පිළිබඳ දොaෂ රැසක්‌ හඳුනාගත්තා.

මෙහිදී පුටු ඇණවුම් කිරීමේදී ඇණවුම් කරන පුටුවක සාම්පලයක්‌ පරීක්‍ෂා නොකර පුටු ඇණවුම් කර ඇති බව හෙළි වී තිබෙනවා. ගෙන්වන පුටුවක අනුරුවක්‌ ලෙස පෙන්වා පළාත් සභා සභාපති සුනිල් විඡේරත්න මහතා එහි හිඳුවා ඇතත් එය මෙලෙස ගෙන්වන වර්ගයේ පුටුවක්‌ නොවන බව විමර්ශනවලදී හෙළි වී තිබුණා.

එමෙන්ම පළාත් සභාවට ගෙන්වන්නේ පුටු 144 ක්‌ ද 150 ක්‌ ද යන්න නිවැරදිව සටහන්ව නැහැ. ඉදිරි පළාත් සභාවකදී වැඩිවන මන්ත්‍රීන් සඳහා අමතර පුටු ගෙන්වා ඇති බව ද දැනගන්නට ලැබුණා. මම දන්නා තරමින් නම් ඉදිරි පළාත් සභා මැතිවරණය කොට්‌ඨාස ක්‍රමයට පැවැත්වීමේදී දැනට සභාවේ සිටින මන්ත්‍රී 104 ක ප්‍රමාණය 102 දක්‌වා අඩු වන බව කියනවා.

RSL

Related Posts