ඉදිරි ජනාධිපතිවරණයට එන්නේ මොන සහෝදරයාද..? (වීඩියෝ)

Spread the love

ඉදිරි ජනාධිපතිවරණට ඉදිරිපත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ කුමන සහෝදරයාද යන්න එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කරයි.

එම පක්ෂයේ නියෝජිතයින් ඊයේ(13) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මීට පෙර 13+ ලබා දෙන බවට මහින්ද රජපක්ෂ මහතා ඉන්දියායේ හිටපු අග්‍රාමාත්‍යවරයාට පොරෝන්දු වූ බවත් නමුදු ලංකාවට පැමිණ පවසන්නේ වෙනත් කථාවක් බව පාර්ලිමේන්තු මන්‍ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ අනුගමනය කරනු ලබන්නේ දෙබිඩි ක්‍රියා පිළිවෙතක් බව ඒ මහතා පවසයි.

තවද ඉන්දිය සංචාරය අතරතුර හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශ මඟින්ද එය පැහැදිලි වන බවයි.

මේ අතර කිරි පැකට් සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කර ජනබලය කොළඹට විරෝධතාවයේ අසාර්ථකභාවය වසා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය උත්සහ කරමින් සිටින බවද එහිදී වැඩිදුරටත් අදහස් දැක්විය.

RSL

Related Posts