පැළ කරන්න ගිය පුවතේ හඬපටය ගැන පොලිස්පතිටත් සැකයක්

Spread the love

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ සැලැස්ම පිළිබඳ හඬපටය ගැන සැකයක් මතුවීම නිසා එම හඬපටය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (14) ප‍්‍රකාශ කළේය.

මෙම කුමන්ත්‍රණ සැලැස්‌ම සම්බන්ධ කතාබහට නියෝජ්‍ය පොලිස්‌පති කෙළින්ම සම්බන්ධ බවට තොරතුරු සනාථ වූ විගස ඔහුට දිය යුතු නීතිමය දඬුවම් අකුරටම ලබාදෙන බව ද පොලිස්‌පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පොලිස්‌ කොමිසමේ නිලධාරියෙක්‌ පැවසුවේ නියෝජ්‍ය පොලිස්‌පති නාලක සිල්වා මහතාට පොලිස්‌ දෙපාර්තමේන්තුවේ තරහකාරයන් සිටින බවට අමතක කළ යුතු නැති බවයි. විවිධ පුද්ගලයන්ගේ කටහඬවල් අනුකරණය කිරීමට හැකි දක්‍ෂයන් සිටින ශ්‍රී ලංකාවේ නාලක සිල්වා මහතා කළ බව කියන කුමන්ත්‍රණය පිළිබඳ කටහඬ ද තවදුරටත් විමර්ශනය කිරීම වැදගත් බව ද ඔහු කීවේය.

සිද්ධිය සැළ වූ විගසම පොලිස්‌පතිවරයා නියෝජ්‍ය පොලිස්‌පති නාලක සිල්වා මහතාගෙන් පෞද්ගලිකව කරුණු විමසා ඇත.

කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්‌පති නාලක සිල්වා මහතාගෙන් මෙම ප්‍රකාශය පිළිබඳව විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දීර්ඝ වශයෙන් කරුණු සටහන් කරගෙන යයි.

ආශ්‍රිත පුවත්: ඝාතන තැතක් ලෙස මෛත්‍රී-ගෝඨා වෙනුවෙන් දෙපිටකාට්ටුවෝ පැළ කරන්න ගිය පුවත විගඩමක් වෙයි (වීඩියෝ)

RSL

Related Posts