ජෙනරාල් මහින්දගෙන් සමාව ගනීවිද ? – පාඨක ලිපියකි –

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සමාව ලබාදිය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවත් ඔබාමාටවත් ඒ සඳහා මැදිහත් වීමට කිසිදු අයිතියක් නැති බවත් පවසමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල කතාවක් මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ජනමාධ්‍ය ඔස්සේ එවැනි කතාවක් ප්‍රචාරය වීම හා එයට මහත් ඉඩ කඩක් ලබාදීමට රජයේ මාධ්‍ය ක්‍රියාකිරීමද අතිශය කණගාටුදායක කරුණකි. මන්ද යත් එමගින් රටේ පාලනය හොබවන රාජපක්ෂ වරුන්ගේත්, ඔවුන්ට ආවඩන …

Continue Reading

රජයේ වෑයම නිදහස් අධ්‍යාපනය දියුණු කරන්නයි – තිස්ස විතාරණ

රජයේ වෑයම වන්නේ උපරිම ලෙසින් අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය තවදුරටත් ශක්තිමත් කර දියුණු කිරීමට බව විද්‍යා කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අද(05) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගත් අවස්ථාවේ මේ බව සඳහන් කළේ ය. එය සිදු කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් දියත්කෙරෙන බවද මෙහි දී අධ්‍යාපනය වෙනුවෙන් නිසි පිළියම් යෙදීමට …

Continue Reading

රනිල්, කරූ දෙදෙනාම නායකත්ව සටනට

රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට තරඟ කරන බවට මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර කරූ ජයසූරිය මහතාද ඉදිරිපත් වන බව අපට වාර්තා වේ. ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ නිලවරණයේදී පක්ෂ නායකත්වයට තරග කරන ලෙස පක්ෂයේ බහුතර ක‍්‍රියාකාරීකයන්ගෙන්ද ආගමික නායකයින් විශාල පිරිසකගෙන්ද පසුගිය දින කිහිපයේදි ලැබුණු ආරාධනය භාර ගැනීමට තමා තීරණය කළ බව එජාප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි. “ නිදහසේ …

Continue Reading

මූල්‍ය ස්ථායිතාවට බැංකු නොවන මූල්‍ය අංශවල සංවර්ධනය අත්‍යාවශ්‍යයි – මහ බැංකු අධිපති

මූල්‍ය ස්ථායීතාව තහවුරු කිරීම සඳහා බැංකු නොවන මූල්‍ය අංශයේ තිරසාර සංවර්ධනය අත්‍යවශ්‍ය කරුණක් වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. තිරසාර හා සංයුක්ත වර්ධනයක් සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන ප්‍රතිස්ථාපනය කිරීම තේමාවෙන් පැවැත්වුණු බැංකු නොවන මූල්‍ය ආයතනවල වාර්ෂික සමුළුවට එක්වෙමින් කබ්රාල් මහතා එසේ ප්‍රකාශ කළේය. බැංකු නොවන මූල්‍ය ආයතන හෙවත් ලියාපදිංචි මුල්‍ය සමාගම් හා විශේෂිත …

Continue Reading

දූෂිතම රාජ්‍යය සෝමාලියාවයි – ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටනැෂනල්

දූෂණයට එරෙහි සංවිධානයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ වාර්තාවට අනුව ලොව දූෂිතම රාජ්‍යය වන්නේ සෝමාලියාවයි. සෝමාලියාව, උතුරු කොරියාව හා මියන්මාරය ලොව දූෂිතම රාජ්‍යන් බව එම නව වාර්තාවේ සඳහන්ය. නවසීලන්තය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්වීඩනය හා සිංගප්පූරුව  දූෂණය අඩුම රටවල් ලෙසද එම වාර්තාවේ දැක්වේ.

Continue Reading

රනිල්ගේ ටයි පටියෙන් ගෙල වැළලා ගත් අපේ මාධ්‍ය – නිදහසේ වියමන –

ලාංකීය දේශපාලනයේ ඒකපාර්ශවීය සටන් බිමේ තවත් එක් සටනක් ජයගන්නට මහින්ද රාජපක්ෂ සමත් විය. ඒ 2012 බජට් එකය. ජනතාව ගොනාට අන්දවන අයවැයක විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස වටහා නොගත් විපක්ෂය අනියම් අන්දමින් මහින්ද රාජපක්ෂට සහයෝගය ලබා දෙන්නේය. පාර්ලිමේන්තුවේ විඩගමක් බවට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා තම ටයි පටිය ගලවා කල අමන ක්‍රියාව ජනතාවට සෙතක් විය හැකියැයි කිව නොහැක. එය බොහෝවිට ප්‍රයෝජනවත් වූයේ එල්ලෙන්නට …

Continue Reading

උපාලි ධර්මදාසත් තරඟ බිමට

ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයේදී සභාපතිධූරය සඳහා තමන් තරඟ කරන බව ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි. තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයට ඉදිරිපත්වන බව පවසා තිබුණු අතර උපාලි ධර්මදාස මහතාගේ නමද ඒ සඳහා විටින් විට ඈදී තිබුණද තමන් තරගයට ඉදිරිපත්වන බව නිල වශයෙන් තහවුරු කරන ලද්දේ අදයි. එල්ලවී තිබුණු දූෂණ හා අක්‍රමිකතා චෝදනා මෙන්ම කළමනාකාරිත්වයේ දුර්වලතාවන් …

Continue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් අනුව හැදූ අයවැය හෙලා දකිනවා – ජවිපෙ

‍ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් මත ඉදිරිපත් කළ අයවැය අපි හෙලා දකිනවා, ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන ප්‍රෝඩාකාරී අයවැය තුළ තරුණ විරැකියාවට උත්තර නෑ. උපාධිධාරීන් ගැන සඳහනක්වත් නෑ යනුවෙන් කිරිබත්ගොඩ දී අයවැයට විරෝධය පලකරමින් ජවිපෙ පැවැත්වූ උද්ඝෝෂණයකට එක්වෙමින් ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය. මෙම උද්ඝෝෂණය ඊයේ(04) පෙරවරු 10.30ට පමණ කිරිබත්ගොඩ නගරයේදී පැවැති අතර එම අවස්ථාවට පා.ම සුනිල් හදුන්නෙත්ති, නාගරික මන්ත්‍රී …

Continue Reading

පුද්ගලික අංශයේ අවම වැටුපෙන් ජීවත්විය හැක්කේ දින 5යි – වෘත්තිය සංගමය

පුද්ගලික අංශයේ අවම වැටුපෙන් ජීවත්විය හැක්කේ දින 5යි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2009 හා 2010 වර්ශයන් සදහා නිකුත් කර ඇති ගෘහස්ථ ආදායම් හා වියදම් සමික්ෂණයේ දත්ත අනුව පුද්ගලික අංශයේ සේවකයකුට දැනට ලැබෙන අවම වැටුපෙන් ජිවත්විය හැක්කේ දින 5ක කාලයක් බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එසේම මෙවර අයවැයෙන් රජයේ සේවකයන්ට ලබාදී …

Continue Reading

ප්‍රමිතියෙන් තොර පෙට්රල් දූෂිත ගනුදෙනුවක් බව කමිටුව කියා නැහැ – සුසිල්

පසුගියදා රටේ ආන්දෝලනයකට ඇතිකල ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් පිළිබඳව පත් කළ කමිටු වාර්තාව මඟින් දූෂිත ගනුදෙනුවක් ගැන සඳහන් කර නොමැති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධරණය කරයි. ඛනිජ තෙල් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(3) සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව පවත්මිනි. නිලධාරීන් ප්‍රතිසම්පාදන කමිටුවේ අනුමැතිය මතයි තෙල් ටොන් 20000ක් ගත්තේ. එය දින හතක ප්‍රමාදය පුරවන්න හදිසියේ …

Continue Reading