ජෙනරාල් මහින්දගෙන් සමාව ගනීවිද ? – පාඨක ලිපියකි –

Spread the love

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සමාව ලබාදිය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවත් ඔබාමාටවත් ඒ සඳහා මැදිහත් වීමට කිසිදු අයිතියක් නැති බවත් පවසමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල කතාවක් මාධ්‍ය මගින් ප්‍රචාරය විය.

ජනමාධ්‍ය ඔස්සේ එවැනි කතාවක් ප්‍රචාරය වීම හා එයට මහත් ඉඩ කඩක් ලබාදීමට රජයේ මාධ්‍ය ක්‍රියාකිරීමද අතිශය කණගාටුදායක කරුණකි. මන්ද යත් එමගින් රටේ පාලනය හොබවන රාජපක්ෂ වරුන්ගේත්, ඔවුන්ට ආවඩන ගිහි පැවිදි උතුමන්ලාගේත් හෙළුව සහ එහි තරම දැකගන්නට ලක්වාසී ජනයාට මෙන්ම ලෝකවාසී ජනයාටද එමඟින් අවස්ථාව උදාවීමය.

“ජෙනරාල් වරද පිළිගත්තා, සමාව ගත්තා“ යන කීම කියන්නට පුල පුලා බලා සිටින බොහෝ දෙනෙකුට හිස රුදාව හටගෙන ඇත්තේ, නොකල වරදකට කිසි ලෙසකින්වත් ජෙනරාල් සමාව අයැද නොසිටි බැවිනි. එමෙන්ම කාගේ කාගේත් දැන් ඉහමොළ රත්වී ඇත්තේ දැන් දැන් හැංගි හොරා කල සියල්ල හෙළිවිය දෝ යන සැකය හේතුවෙනි. එනිසාම වැදගත් යැයි සැලකෙන කිසිදු මිනිහෙක් කැමති නැති මර්වින් සිල්වා වැනි චරිත හරහා තම මතවාදයන් එළියට දමන්නට වැදගත් යැයි කියාගන්නා රාජපක්ෂලා නඩය ක්‍රියාකර තිබේ.

ජෙනරාල් සරත් ෆොන්සේකා හෝ ඔහුගේ පවුලේ කිසිදු කෙනෙක් සමාව බලාපොරොත්තුවේ යැයි සිතිය නොහැක. ඒ ජෙනරාල් මෙන්ම ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකාත් දූවරුන්ද මේ මොහොතේ කොන්ද කෙලින් තබාගෙන, අයුක්තිය අසාධාරණය හමුවේ නොසැලී නොවැටී සිටින නිසාය.

තුන්වන පන්තියේ සමාජ කතිකා තුලින් එනම් ජෙනරාල් ජනපතිගෙන් පොදු සමාව ලබාගත යුතුයි යන මාතෘකාවට වලංගුභාවයක් කිසිදු මොහොතක නොලැබෙනු ඇත. මිනිසෙකුට ආත්ම විශ්වාසය හා නොසැලෙන අධිෂ්ඨානය අවශ්‍ය වන්නේ, කුණාටු මැදින් ගමන් කරනා මොහොතකදීය. අයුක්තිය අසාධාරණය ජෙනරාල්ටත් ඔහුගේ පවුලේ උදවියටත් එරෙහිව හමායන මොහොතක ඔවුන් ඊට නිර්භයව මුහුණ දෙන ආකාරය ඉතා ප්‍රශංසනීයයි. මන්ද රටේ අනාගතය හා එහි යුක්තිය හා සාධාරණත්වය ඉටුවේ යැයි අපට දැන් විශ්වාසය තැබිය හැකි ජාතික නායකත්වයකට සුදුසු පුද්ගලයා බවට පත්ව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා රුදුරු කොටි ත්‍රස්තවාදීන් සමග මරණය දැක දැකත් කම්පා නොවූ අරමුණ අත් නොහැර ජයග්‍රහණයේ මාවතටම තම කාර්යභාරය ඉටු කලා වූ ඒ අභීත සෙන්පති කිසිදු විටක, කිසිදු දවසක නිවටයන් හමුවේ යටත් වීමක් නොවන බව දේශප්‍රේමි ජනතාව ඉතා මැනවින් දන්නා කරුණකි. රාජපක්ෂලාගේ නොහැකියාව වසාගැනීමට මනෝමූලික කරුණු සොයමින් වෙහෙසෙන කේවට්ටයින් නිසාම පෙරදිනක යම් යහපත් අරමුණක් තිබූ මහින්ද රාජපක්ෂට වර්තමානයේ සිදුවී ඇත්තේ තම සාටකයෙන්ම බෙල්ලේ වැලලා ගැනීමටය. “ජෙනරාල් නිදහස් වෙනවා“ මේ දේශප්‍රේමි සෑම හදවතක් තුලම ඇති උතුම් ප්‍රාර්ථනාවයි. එය අනිවාර්යෙන්ම බොහෝ ඉක්මණට සිදුවන නිත්‍ය ක්‍රියාවකි.

දේශපාලනික වේවා, පුද්ගලික කෝන්තර වේවා, එදිරිවාදිකම් වේවා, මේ සියල්ල උඩු යටිකුරු වන මොහොතක් උදාවනු ඇත. ඒ විශ්වයටම පොදු වූ විනිශ්චයේ දවසයි.

රාජපක්ෂ පාලනය විසින් ජෙනරල් සරත් ෆොන්සේකා අරභයා ගනු ලබන සෑම ද්‍රෝහි ක්‍රියාවකම අවසන් ඵලය වන්නේ එය තව තවත් ජනපති මහින්දව හිරවෙන තැනට පත්වීමයි.

“ජනතාව තුල ඇති ඉතා සරලම ප්‍රශ්නය මහින්ද ජෙනරල්ට මේ තරම් බය ඇයි“යන්න මිස ඒක හරිද වැරදිද කියන කාරණාව නොවේ. මන්ද ඇතුලතින් කොයිතරම් කෘර වුවත් පිටතින් යහපත්කමේ වස්ත්‍ර ඇඟලාගෙන සිටින තාක්කල් බොහෝ දෙනාට මහින්දගේ සැබෑ ස්වරූපය දැකගත නොහැකිවීමයි.

මුහුණට මුහුණ සටන් කරන්න අභියෝග කරපු මහින්ද ජෙනරාල්ගේ අත් පා බැඳ සටන් කිරීම මොන ලැජ්ජා නැති වැඩක් දැයි බොහෝ දෙනා නගන ප්‍රශ්නයකි. මර්වින් සිල්වා වැනි චරිත හරහා මතවාද ගොඩනගන මහින්දට මතුවට කාගේ සරණක්ද ?

RSL

Related Posts