රජයේ වෑයම නිදහස් අධ්‍යාපනය දියුණු කරන්නයි – තිස්ස විතාරණ

Spread the love

රජයේ වෑයම වන්නේ උපරිම ලෙසින් අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය තවදුරටත් ශක්තිමත් කර දියුණු කිරීමට බව විද්‍යා කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අද(05) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගත් අවස්ථාවේ මේ බව සඳහන් කළේ ය.
එය සිදු කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් දියත්කෙරෙන බවද මෙහි දී අධ්‍යාපනය වෙනුවෙන් නිසි පිළියම් යෙදීමට ක්‍රියාකිරීම ගැන සතුටු වෙනවා  යැයි අමාත්‍යවරයා පැවසීය.

ලෝකයේ අධ්‍යාපන තත්ත්වය ගැන කතා නොකර ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරන්නට බෑ. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබාදීම විශේෂ දෙයක්. සුපිරි පාසල්වලට රට හරහා පොරයක් ඇති වුණා. වරප්‍රසාද හිමි පොහොසත් අය වැරදි මාර්ගවලින් ඒවාට ඇතුළු කිරීමට කටයුතු කිරීම මේ ආණ්ඩුව නිවැරදි කිරීමට ඉදිරිපත් වෙලා. ඒ සඳහා හොඳම ක්‍රමය දැන් තෝරලා තියෙනවා.

උතුරු නැඟෙනහිර සියලු පාසල් ඇතුළුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ප්‍රාථමික පාසල් 5000ක් දියුණු කිරීම, ද්විත්ව පාසල් 1000ක් දියුණු කිරීම තුළින් අධ්‍යාපනයේ වැරදි තත්ත්වයන් මඟ හැරී දුප්පත් ජනතාවට නිසි තැන දීම සඳහා නිසි පියවර රජය ගෙන තිබෙනවා.

රටේ අමුද්‍රව්‍යවලට උසස් වටිනාකමක් ඇතිවන ආකාරයට නවෝත්පාදනය මඟින් තාක්ෂණ හා පර්යේෂණ සඳහා යොමුකරන්න. එය සිදු කළහොත් පමණයි අපේ නිෂ්පාදන දියුණු කිරීමට හැකිවන්නේ. ඒ සඳහා දැන් කාලය පැමිණ තිබෙනවා. අපේ රටේ අධ්‍යාපන හා සංවර්ධන ක්‍රමය දෙස බැලුවම අධ්‍යාපන ක්‍රමය තුළ සම්බන්ධයක්, සංවර්ධන ගමනට ඇති කළ යුතු බවද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කළේය.

RSL

Related Posts