රනිල්, කරූ දෙදෙනාම නායකත්ව සටනට

Spread the love

රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට තරඟ කරන බවට මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර කරූ ජයසූරිය මහතාද ඉදිරිපත් වන බව අපට වාර්තා වේ.

ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ නිලවරණයේදී පක්ෂ නායකත්වයට තරග කරන ලෙස පක්ෂයේ බහුතර ක‍්‍රියාකාරීකයන්ගෙන්ද ආගමික නායකයින් විශාල පිරිසකගෙන්ද පසුගිය දින කිහිපයේදි ලැබුණු ආරාධනය භාර ගැනීමට තමා තීරණය කළ බව එජාප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි.

“ නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීම පිළිබඳව අපි දේශනා කරන්නෙමු. එහෙත් අප පක්ෂය තුළ එය නොපවතී. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අපි දේශනා කරන්නෙමු. එහෙත් අපේ පක්ෂය තුළ එය නොපවතී. විනිවිද භාවය අවශ්‍යතාවය පිළිබඳ අපි දේශනා කරන්නෙමු. එහෙත් අපගේ පක්ෂය තුළ එවැන්නක් නොමැති අතර, ඒ වෙනුවෙන් අප පක්ෂය තුළ අද පවතිනුයේ අසමගිතාව, පළිගැනීම උදෙසා උපක‍්‍රමිකව ක‍්‍රියාත්මක වීමයි. අපි රජය තුළ පවත්නා ආඥාදායක ස්වරූපය පැමිණිලි කරමින් සිටියද ඊට වඩා වැඩි ගුණයකින් යුත් ආඥායකත්වයක් අපගේ පක්ෂය තුළ පවතින බව අපි අමතක කර ඇත්තෙමු“ යැයි කරු ජයසූරිය මහතා විසින් අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඒ හේතුවෙන් එවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා තරග කරන ලෙස මා වෙත කරන බොහෝ ඉල්ලීම් හමුවේ එකී ඉල්ලීම් නොසලකා හැරිය නොහැකි තත්ත්වයකට මා පත් වී තිබේ. ඒ අනුව එම ඉල්ලීම මා විසින් පිළිගන්නට යෙදුනු අතර, තමා ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා තරඟ කිරීමට තීරණය කළ බව කරූ ජයසූරිය මහතා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

RSL

Related Posts