මූල්‍ය ස්ථායිතාවට බැංකු නොවන මූල්‍ය අංශවල සංවර්ධනය අත්‍යාවශ්‍යයි – මහ බැංකු අධිපති

Spread the love

මූල්‍ය ස්ථායීතාව තහවුරු කිරීම සඳහා බැංකු නොවන මූල්‍ය අංශයේ තිරසාර සංවර්ධනය අත්‍යවශ්‍ය කරුණක් වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

තිරසාර හා සංයුක්ත වර්ධනයක් සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන ප්‍රතිස්ථාපනය කිරීම තේමාවෙන් පැවැත්වුණු බැංකු නොවන මූල්‍ය ආයතනවල වාර්ෂික සමුළුවට එක්වෙමින් කබ්රාල් මහතා එසේ ප්‍රකාශ කළේය.

බැංකු නොවන මූල්‍ය ආයතන හෙවත් ලියාපදිංචි මුල්‍ය සමාගම් හා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් සඳහා අධ්‍යක්ෂවරුන්ගේ වාර්ෂික සමුළුව සිව්වන වරටත් සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි.

මේ සඳහා ලියාපදිංචි මුදල් සමාගම් 38ක හා විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් 17ක සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන් හා ප්‍රධාන විධායක නිලධාරීන් 300කට වැඩි ගණනක් සහභාගි වූහ.

මූල්‍ය පහසුකම් සඳහා සපයනු ලබන දායකත්වය තවදුරටත් පුළුල් කරමින් වේගවත්ව වර්ධනය වන ආර්ථික සංවර්ධනය සඳහා විශේෂ දායකත්වයක් බැංකු නොවන මූල්‍ය අංශයෙන් ලබා ගැනීම මෙවර සමුළුව මඟින් අරමුණු කර ගනු ලැබීය.

එමෙන් ම ව්‍යාපාර ආකෘතීන් ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව මෙන් ම සාංගමික යහපාලනය හා සඵලදායී අවදානම් කළමනාකරණය පිළිබඳ වද වැඩි අවධානයක් මෙවර සමුළුවේ දී යොමු කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පැවසීය

RSL

Related Posts