බෝතල් ජලය වෙනුවට උණුකර නිවාගත් ජලය පානය කරන්න – සෞඛ්‍යය අමාත්‍යංශය
යහපත් සෞඛ්‍යයක් සඳහා වඩාත් ම උචිත “උණුකර නිවා ගත් ජලය පානය කිරීම” බවත් බෝතල් කළ ජලය වෙනුවට හැම විටම නිවසේදී උණුකර නිවාගත් වතුර බෝතලයක් රැගෙන යෑමට හුරු පුරුදු වීම වඩාත් ප්‍රඥාගෝචර බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. ජාතික ජල සුරක්ෂිතතා සතිය අද(04 ) සිට 10 දා දක්වා පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජනතාවට ලබා දෙන …
Continue Reading
දක්ෂිණ අධිවේගයේ රිය අනතුරෙන් දෙදෙනෙකුට තුවාල
දක්ෂිණ අධිවේගි මාර්ගයේ තවත් රිය අනතුරක් අද සිදුව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ අද පෙරවරු 9 ට මෝටර් රථයක් පෙරළිමෙන් එම අනතුර සිදුව ඇති බවයි. රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ ඔවුන් මේ වනවිට රෝහල්ගත කිරිමට පියවර ගෙන ඇති බවය.
Continue Reading
ආණ්ඩුවේ ‘අවනීතියට‘ එරෙහිව බහුජන විරෝධතා ව්‍යාපාරයක් අරඹනවා – එජාපය
ආණ්ඩුවේ ‘අවනීතියට’ එරෙහිව ලබන වසරේ ජනවාරියේ බහුජන විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඒ අනුව ජනතාව මහපාරට කැඳවන දීපව්‍යාප්ත මට්ටමේ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට තීරණය කර ඇති බව කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ ඊයේ(03) පැවති උත්සවයකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායකමහතා කියා සිටියේය. තවද, හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් …
Continue Reading
නවසීලන්තයට භූමිකම්පාවක්
-
RSL
-
December 4, 2011
-
විදේශීය
-
නවසීලන්තය, භූමිකම්පාව
-
0 Comments
නවසීලන්තයේ වෙලින්ග්ටන් අගනුවරට සහ එරටේ දකුණු දිවයිනේ උතුරු ප්‍රදේශයට රික්ටර් මාපාංක 5.7 ක ප්‍රබලතාවයකින් යුත් භූමිකම්පාවක් සිදු වී තිබෙන බවට වාර්තා වේ. භූ චලන නිරීක්ෂණ සේවාවන් වල වාර්තා වලට අනුව මෙම සිදු වීම සිදුවී ඇත්තේ ඊයේ(03) පස්වරුවේය. එම භූමිකම්පාවෙන් බරපතල හානි සිදු වී නැති අතර අගනුවර දියබඩ පෙදෙස් වල පිහිටි නිවෙස් වල ජනෙල් වලට හානි සිදු වී ඇති අතර ඇතැම් …
Continue Reading
තරාතිරම නොබලා වෙරළ දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්න – ජනපති
වෙරළ තීරය දූෂණය වන ලෙස අපද්‍රව්‍ය බැහැර කරන්නන්ට සහ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වල නිරත වන්නන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එලෙස උපදෙස් දුන් බවයි. මෙරට ජනගහනයෙන් 24%ක් ද ඉඩම්වලින් 25%ක් ද වෙරළ කලාපයට අයත් වේ. වෙරළ කලාප කළමනාකරණය සහ සංවර්ධනය පිළිබඳ මෙම සාකච්ඡාවට …
Continue Reading
නගර ග්‍රාම නිර්මාණ සංශෝධන කෙටුම්පත ගැන අධිකරණ තීරණය කතානායක ප්‍රකාශ කරයි
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබද අධිකරණ තීරණය අද පෙරවරුවේ කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය. එහි දැක්වුණේ පනත් කෙටුම්පත පළාත් සභා ලැයිස්තුවේ දක්වා ඇති කරුණකට සම්බන්ධ බවය. එම නිසා මෙය සෑම පළාත් සභාවකටම යොමු නොකළහොත් එය නීතියක් බවට පත් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. එසේම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම …
Continue Reading
තරුණ සමාජවාදීන්ගේ පාගමනට කල ප්‍රහාරය හෙලා දකිනවා – ලෝක ප්‍රජාතන්ත්‍රවාදි තරුණ සංගමය
තරුණයින්ගේ විරැකියා ප්‍රශ්නයට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අයවැයෙහි සහන නොමැති බව පවසමින් තරුණ සමාජවාදි සංගමය පැවැත්වූ පාගමනට අමානුෂික ලෙස පහරදීම ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය හෙලා දකියි. මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇත. එම නිවේදනයේ අන්තර්ගතය. ලෝක ධනවාදයේ අර්බුදයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ලෝකවාසී ජනතාවට මිස ධනපති පංතියට නොවේ. වර්තමානයේ ලෝකය පුරා ධනවාදී ආණ්ඩු විසින් ඉදිරිපත් කරන …
Continue Reading
සදාචාරාත්මක ජනහිතවාදී දේශපාලන සංස්කෘතියක් අපි ගේනවා – සරත් ෆොන්සේකා
“ සදාචාරාත්මක ජනහිතවාදී දේශපාලන සංස්කෘතියක් අපි කවදා හරි ගේනවා “ යැයි සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹ මහාධිකරණයේ විභාග වන හයිකෝප් නඩුවට ඊයේ(02) පැමිණ අධිකරණයෙන් පිටවෙද්දි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. “ අර මට ඉඩිඅමින්, හිට්ලර් කිව්ව බෝධිසත්ත්වයා දැන් මමයි මගේ පවුලෙනුයි පලිගන්නවා. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය ඉවර කරලා සදාචාරාත්මක ජනහිතවාදී සංස්කෘතියක් අපි කවදා හරි ගේනවා ජනතාව ඒ …
Continue Reading
විරෝධතාවට සක්‍රියව දායක නොවූ අය ගැන රනිල් සොයයි
පසුගියදා(29) කොළඹ හයිඞ් පිටියේ පැවැති විරෝධතා ව්‍යාපාරයට සක‍්‍රීයව දායක නොවුණු ආසන සංවිධායකවරු සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ එජාප මහලේකම් තිස්ස අත්තනායකට නියෝග දී ඇති බව වාර්තා වේ. පක්ෂයේ උපදෙස් පරිදි කටයුතු නොකළ සංවිධායකවරුන් පිළිබඳ තොරතුරු එම වාර්තාවට ඇතුළත් කරන ලෙසද විපක්ෂ නායකවරයා නියෝග කර ඇත. මීට අමතරව එම විරෝධතාවයට වැඩි දායකත්වයක් ලබාදුන් ආසන සංවිධායකවරුන් නොවන පළාත් සභා …
Continue Reading
ලෝක ආබාධිත දිනය අදයි
ලෝක ආබාධිතයින්ගේ දිනය අදට යෙදී තිබේ. මෙවර එම දිනය ශ්‍රී ලංකාවේදී සමරන්නේ “සංවර්ධනයේදී ආබාධිත තැනැත්තන් ද ඇතුළුව සැමට වඩා යහපත් ලොවක් සඳහා එක්වෙමු” යන තේමාව යටතේදීය. සමාජ සේවා අමාත්‍යාංශය පැවසුවේ මෙරට සමස්ථ ජනගහනයෙන් 7%ක් ආබාධිතයින් බවය. සමාජ සේවා අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.එස්.රත්නායක පැවසුවේ ආබාධිත පුද්ගලයින්ගේ සුබසාධනය සඳහා රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවය. උපතින්ම ආබාධවලට ලක්වන්නන් සහ පසුකාලීනව විවිධ අනතුරුවලට ලක්ව …
Continue Reading