ලෝක ආබාධිත දිනය අදයි

Spread the love

ලෝක ආබාධිතයින්ගේ දිනය අදට යෙදී තිබේ.

මෙවර එම දිනය ශ්‍රී ලංකාවේදී  සමරන්නේ “සංවර්ධනයේදී ආබාධිත තැනැත්තන් ද ඇතුළුව සැමට වඩා යහපත්  ලොවක් සඳහා එක්වෙමු” යන තේමාව යටතේදීය.

සමාජ සේවා අමාත්‍යාංශය පැවසුවේ මෙරට සමස්ථ ජනගහනයෙන් 7%ක් ආබාධිතයින් බවය.

සමාජ සේවා අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.එස්.රත්නායක පැවසුවේ ආබාධිත පුද්ගලයින්ගේ සුබසාධනය සඳහා රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවය.

උපතින්ම ආබාධවලට ලක්වන්නන් සහ පසුකාලීනව විවිධ අනතුරුවලට ලක්ව ආබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයින් මීට ඇතුලත් වේ.

ලෝක ආබාධිත දිනය සැමරීමේ ජාතික උත්සවය අනුරාධපුර, කලාවැව ජාතික මිරිදිය ධීවර හා ජලජ ජීවි වගා පුහුණු ආයතනයේදී පැවත්වීමට නියමිතය.

RSL

Related Posts