දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් දින පහක දී මිලියන 6.7ක ආදායමක්

Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කලදා සිට දිනපහක් ඇතුලත වාහන 25,000ක් ධාවනය වූ බවත් ආදායම ලෙස රුපියල් මිලියන 6.7ක් උපයා ගැනීමට හැකි වූ බවත් වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.

නියෝජ්‍ය අමත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(2) පාර්ලිමේන්තුවේ දී වරාය හා මහාමාර්ග අමාත්‍යාංශ වැය ශීර්ෂය ඉදිරිපත් කිරීමේ විවාදයේ දී ය.
ආරක්ෂක අමාත්‍යාංශයට පසු වැඩි ම මුදලක් වෙන්කරන්නේ වරාය හා මහාමාර්ග අමාත්‍යංශයට. රුපියල් බිලියන 140ක්.
මෙරට නිදහස් කරගැනීමේ මුරගලත් අධිවේගී මාර්ගයේ මුලගලත් තිබ්බේ ජනාධිපතිතුමා.

මෙම අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහන සේවා ද ඉදිරි මාස 3 – 4 කාලසීමාව තුළ ඉඩ ලබාදෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

කොළඹ – කටුනායක කි.මී. 26න් සියයට 45%ක වැඩ අවසන් බව ද ඒ සඳහා ඩොලර් මිලියන 292ක් වැයකෙරෙන බවත් වසර 2013 දී නිම කිරීමට නියමිතය.

නිදහසින් පසු උතුරේ මාර්ග 32ක් සංවර්ධනය කෙරෙනවා. එම ප්‍රදේශවල මාර්ග ගම නැඟුම වැඩසටහන මඟින් ඉදි කෙරෙනවා.

හම්බන්තොට මාර්ග කි.මීටර 380ක මාර්ග සංවර්ධනයක් කෙරෙනවා. මෙවර අයවැයෙන් මාර්ග ඉදිකිරීම සඳහා ඉඩම් අත්පත් කිරීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. ඒ සඳහා ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා.

දැයට කිරුළ වැඩසටහනට සමගාමී ව අනුරාධපුරයේ මාර්ග කි.මීටර 200ක් සංවර්ධනයට ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

RSL

Related Posts