ප්‍රමිතියෙන් තොර පෙට්රල් දූෂිත ගනුදෙනුවක් බව කමිටුව කියා නැහැ – සුසිල්

Spread the love

පසුගියදා රටේ ආන්දෝලනයකට ඇතිකල ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් පිළිබඳව පත් කළ කමිටු වාර්තාව මඟින් දූෂිත ගනුදෙනුවක් ගැන සඳහන් කර නොමැති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධරණය කරයි.

ඛනිජ තෙල් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(3) සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව පවත්මිනි.

නිලධාරීන් ප්‍රතිසම්පාදන කමිටුවේ අනුමැතිය මතයි තෙල් ටොන් 20000ක් ගත්තේ. එය දින හතක ප්‍රමාදය පුරවන්න හදිසියේ ගත් එකක්.

මේ පිළිබඳ ව පැමිණිලි 2300ක් පමණ ආවා. ටොන් 2600ක් මම නැවැත්වුවා. ඒවා ජර්මනියට යැව්වා පරීක්ෂා කරවීමට. එම වාර්තාව කියන්නේ එම තෙල් බාල නොමැති බවයි. එහෙත් කමිටු වාර්තාවේ නිර්දේශ අනුව වෙළෙඳපොළට එම තෙල් නිකුත් කරන්නේ නෑ.

එම තෙල් නැවත ලබාදීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළා. වන්දිය මිලියන 35ක් පමණ වෙනවා. අදාල ගාස්තු අයකරගැනීමට ලිපි හුවමාරු වෙමින් පවතිනවා යැ‍යි අමාත්‍යවරයා පැවසී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) ගයන්ත කරුණාතිලක මහතා ප්‍රමිතියෙන් තොර එම පෙට්‍රල් නැවත වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් ඇති බව පවසමින් සභාව කල්තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනාව ගෙන ආවේ ය.

RSL

Related Posts