පුද්ගලික අංශයේ අවම වැටුපෙන් ජීවත්විය හැක්කේ දින 5යි – වෘත්තිය සංගමය

Spread the love

පුද්ගලික අංශයේ අවම වැටුපෙන් ජීවත්විය හැක්කේ දින 5යි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2009 හා 2010 වර්ශයන් සදහා නිකුත් කර ඇති ගෘහස්ථ ආදායම් හා වියදම් සමික්ෂණයේ දත්ත අනුව පුද්ගලික අංශයේ සේවකයකුට දැනට ලැබෙන අවම වැටුපෙන් ජිවත්විය හැක්කේ දින 5ක කාලයක් බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එසේම මෙවර අයවැයෙන් රජයේ සේවකයන්ට ලබාදී ඇති දීමනාවද සමඟ ලැබෙන අවම වැටුපෙන් අදාල සමීක්ෂණය අනුව රජයේ සේවකයෙකුට ජිවත් විය හැක්කේ සති 2ක කාලයක් බව දැක්වේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 4 දෙනෙකුගෙන් යුත් පවුලකට සාමාන්‍ය ජීවිතයක් ගතකිරීම සදහා මසකට රුපියල් 44  500ක් අත්‍යාවශ්‍ය වන බවත් එහිදි ආහාර සදහා පමණක් මාසයකට රුපියල් 15 500ක් අවශ්‍ය බවත් සඳහන්ය.

එසේම ආහාරවලට අමතරව පවුලකට නිවාස, විදුලිය, ඉන්ධන, වෛද්‍ය සේවා, ඇඳුම්, ප්‍රවාහන හා අධ්‍යාපන කටයුතු සඳහා තවත් රුපියල්    29 000ක මුදලක් අත්‍යාවශ්‍ය බවත් සඳහන්ය.

රාවය පුවත්පතෙනි

RSL

Related Posts