දෙකෙන් ගිය අය හතරෙන් යවන්න පැමිණි එජාප ආණ්ඩුව 2යි 4යි එකට තබා බදු පිට බදු ගසන අලුත්ම මාෆියාව

රෝද දෙකෙන් යන අයට රෝද හතරේ වාහනයකින් යන්න අවස්ථාව දෙන බව පවසා ජනතාව ගොනාට අන්දවමින් ඔවුන්ගේ ඡන්ද කඩාගත් එක්සත් ජාතික පක්ෂය මේ වන විට අමාරුවෙන් හෝ පරණ වාහනයක හිමිකරුවෙකු වී සිටින මධ්‍යම පාන්තික දුප්පත් වාහන හිමියන්ට එජාප ආණ්ඩුව තවත් බදු බරක් පටවා ඇත. ඒ වාහනයක එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන ඝන සෙන්ටිමීටරයක් රුපියල් 1.50 බැගින් අයකරන ‘කාබන් බද්ද’ නම් වූ අලුත්ම …

Continue Reading

එජාපය, දෙමළ සන්ධානයේ ප්‍රාණ ඇපයට!

තම ජාතිවාදී, බෙදුම්වාදී වුවමනාවන් ඉටුකර ගැනීමට දෙමළ ජාතික සන්ධානය, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථා ක්‍රියාදාමය වේගවත් වී දැනට ඔවුනට නොනිල වශයෙන් උතුරු සංවර්ධන අමාත්‍යාංශය ලැබී ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ පෙන්වා දෙයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මෙසේ ද සඳහන් කළේය. “අද දින මව්බිම …

Continue Reading

ජනාධිපතිතුමන්ව රැකගෙන අප ඔහු සමඟ ඉදිරියට යා යුතුයි – සජිත්

මෛත්‍රිපාල ජනාධිපතිවරයාට සමච්චල් කළ නිග්‍රහ, අපහාස කළ අය අද එතුමත් එක්ක එකතු වෙන්න හදන්නේ ඔහුව දේශපාලනයෙන් සදහටම බවත්, ජනාධිපතිතුමන් සමඟ අප නැවත එකට ගමනක් යෑමට එතුමන්ව ආරක්ෂා කර ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි. ඇමැතිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඉදි කළ 150 වැනි උදාගම්මානය වන …

Continue Reading

අපේක්ෂකයින් වැඩි වන තරමට රනිල්ට ජනාධිපතිවරණය ජය ගන්න පහසුයි

ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් වැඩි වන තරමට එක්සත් ජාතික පක්‍ෂයට ජයග්‍රහණය කිරීම ඉතා පහසු බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පවසයි. එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ පක්‍ෂයේ ආරංචි මාර්ගවලට අනුව වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාම බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඔවුන්ගේ අපේක්‍ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, මහින්ද …

Continue Reading

ගැටුම් නිරාකරණයට අගමැති රනිල් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකගේ සහය පතා රහස් හමුවක

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක අතර රහස් හමුවක් පසුගියදා පවත්වා ඇතැයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පුවත් වෙබ් අඩවියක් වාර්තා කර ඇත. විවිධ කුමන්ත්‍රණ ඔස්සේ අග්‍රාමාත්‍යධුරය යළි ලබාගත්ද ආණ්ඩුව පත්වාගෙන යෑමේ නොහැකි තත්වයකට මේ වන විට රනිල් වික්‍රමසිංහ මුහුණදී ඇති අතර ජනාධිපතිවරයා සමඟ තිබෙන ගැටුම් නිරාකරණය කරගනිමින් ඉතිරිව ඇති කාලයේදී …

Continue Reading

කුලියාපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරිය වැඩ අවසන් වෙන්න ආසන්නයි (වීඩියෝ)

කුලියාපිටියේ ඉදි කරමින් ඇති වොක්ස්වැගන් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි. එහි වැඩ ප‍්‍රමාද වූයේ පසුගිය කාලයේ ආණ්ඩුවේ සිටි ඇතැමුන් කකුලෙන් ඇදි නිසා බවත්, මේ වන විට මෙම කර්මාන්තශාලාවේ අවසන් වැඩ කටයුතු ජර්මනියේදී සිදු කරමින් ඇති බවත් එය නැවු මගින් ගෙන්වා ඉතා …

Continue Reading

නව ව්‍යවස්ථාවක් සඳහා ජනමතයක් නැහැ; ඒ සඳහා අරඇදීම පක්ෂයට කරන අවනම්බුවක්

ජනමතයට පිටුපාමින් එක්සත් ජාතික පක්‍ෂය නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවත් මෙය ඞී. එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල, ඩඞ්ලි සේනානායක වැනි පක්‍ෂයේ අතීත නායකයන්ටත් කරනු ලබන අවනම්බුවක් බවත් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ පවසති. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (13දා) මහනුවරට පැමිණ මල්වතු විහාරයට ගොස් එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය …

Continue Reading

අමාත්‍යංශයට ඇවිල්ලා සුරුට්ටුවක් ගහලා රටක ආර්ථිකය ගොඩගන්න බැහැ; අපි පක්ෂයත්, රටත් ගොඩගන්න නොසැලී කැපවෙනවා

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද…? පක්ෂය මාරු කරනවද…? යනාදී දහසක් ප‍්‍රශ්න මෑතක සිට ඔහු සම්බන්ධයෙන් මතුවී ඇත්තේ, ඔහු නගන සමහර ප‍්‍රකාශ නිසාය. විදුලිබල, බලශක්ති, සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවින්ද්‍ර සංදේශ් කරුණානායක මහතා සමග දිවයින ඉරිදා සංග‍්‍රහය සිදු කරන ලද මේ සාකච්ඡාව. එජාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව සිදු කරනා හෙළිදරව්වක් වැනිය. ප‍්‍රශ්නය – 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියලා, එ.ජා.ප.ය අභ්‍යන්තරයේ අරගලයක් කරපු චරිතයක් …

Continue Reading

එජාපය අද දෙමළ සන්ධානයේ සිරකරුවෙක්!

වර්තමානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ සිරකරුවෙකු වී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍රනී පවිත‍්‍රා වන්නිආරච්චි පවසයි. ඊයේ(09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව පැවසීය. “ආණ්ඩුව සිටින්නේ ඔවුන්ගේ ස්වභාවික මරණය අබියසයි. නායකත්ව අර්බුදය දැවැන්ත ප‍්‍රශ්නයක් වෙලා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සජිත් පේ‍්‍රමදාස මහතාට සම්බන්ධ අයට නියෝජ්‍ය ඇමැතිකමක්වත් නොදෙන්න …

Continue Reading

අයවැයට මුවාවෙමින් ව්‍යවස්ථාවට සහය දෙන්න ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට! සැලසුමේ වෙනසක්!

අයවැයට මුවාවෙමින් එජාප-දෙමළ සන්ධාන ආණ්ඩුවේ නව ෆෙඩරල් ව්‍යවස්ථාවට සහය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් UNP-TNA ආණ්ඩුවට එක්කර ගැනීමේ සැලසුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. අයවැයට පෙර නව ව්‍යවස්ථාව සභාගත කිරීමේ කතිකාවක් තිබුණද ආණ්ඩුවේ පාර්ශවයන් වන එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ තුල තිබුණද මේ වන එම සැලැස්ම …

Continue Reading