ගැටුම් නිරාකරණයට අගමැති රනිල් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකගේ සහය පතා රහස් හමුවක

Spread the love

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක අතර රහස් හමුවක් පසුගියදා පවත්වා ඇතැයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පුවත් වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

විවිධ කුමන්ත්‍රණ ඔස්සේ අග්‍රාමාත්‍යධුරය යළි ලබාගත්ද ආණ්ඩුව පත්වාගෙන යෑමේ නොහැකි තත්වයකට මේ වන විට රනිල් වික්‍රමසිංහ මුහුණදී ඇති අතර ජනාධිපතිවරයා සමඟ තිබෙන ගැටුම් නිරාකරණය කරගනිමින් ඉතිරිව ඇති කාලයේදී හෝ එජාපය ජනතාව වෙනුවෙන් යම් සේවයක් සිදුකරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලකගෙන් උපදෙස් පතා ඇත.

පසුගිය සමයේ සිදුවූ අමිහිරි අත්දැකීම් පසෙකලා අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත ඔහුට අවශ්‍ය ගැටුම්නිරාකරණයට අදාළ මාර්ගෝපදේෂයන් සහ උපදෙස්ද මෙහිදී ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකගෙන් ලබාගෙන ඇත.

ගැටුම් නිරාකරණය පිළිබඳව ජාත්‍යන්තර විශ්ලේෂකයෙකු වන ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලකගේ මෙම හමුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අතිශයින් වැදගත් සහ ඵලදායී මෙන්ම සුහදශීලි වූ එකක් බවද එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ පූර්ව අනුමැතිය සහ අනුදැනුම මත ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලක අග්‍රාමාත්‍යවරයාගේ මෙම ආරාධිත හමුව සඳහා ඇතිබවට වැඩිදුරටත් වාර්තාවේ.

RSL

Related Posts