නව ව්‍යවස්ථාවක් සඳහා ජනමතයක් නැහැ; ඒ සඳහා අරඇදීම පක්ෂයට කරන අවනම්බුවක්

Spread the love

ජනමතයට පිටුපාමින් එක්සත් ජාතික පක්‍ෂය නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවත් මෙය ඞී. එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල, ඩඞ්ලි සේනානායක වැනි පක්‍ෂයේ අතීත නායකයන්ටත් කරනු ලබන අවනම්බුවක් බවත් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ පවසති.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (13දා) මහනුවරට පැමිණ මල්වතු විහාරයට ගොස් එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවැසූහ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම පිණිස වත්මන් ආණ්ඩුවට ජනවරමක් නොමැති බවත් මෙවැනි අත්තනෝමතික කි‍්‍රයාවන් මගින් ජනතාව නොසන්සුන් වන බවත් උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයිද යන කාරණා මැතිවරණයකදී ප‍්‍රකාශ කළ යුතු බවත් සිරිමාවෝ මැතිනිය හා ජේ. ආර්. ජයවර්ධන මහතා එය සිදුකළ බවත් කී අනුනාහිමියෝ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර එවැන්නක් පිළිබඳව ජනතාව දැනුවත් නොකළ බවද අවධාරණය කළහ.

RSL

Related Posts