ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් විය හැකි බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා දුනහොත් එය ප්‍රතික්ෂේප කිරීමේ බලයක් තමනට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලිව සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටී.
මැතිවරණ කොමසාරිස්වරයා විසින් රාජපක්ෂ මහතාගේ නාම යෝජනාව පිළිගැනීමෙන් පසු ඡන්ද පත්‍රිකාවේ ඔහුගේ නම සඳහන් වන බවත් කී වෙල්ගම මහතා කිසිවකුට අවශ්‍ය නම් ඡන්ද පෙත්සමක් ගොනු කල හැකි බවත් එහි තීන්දුව එනු ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසුව යැයිද පැවසීය.
එක් අයෙකුට ඕනෑම වාර ගණනක් ජනාධිපති වීමේ අවස්ථාවට ඉඩ කඩ සැලසුණු 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 2015 බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අහෝසිකළ අතර යළි පෙර තිබූ පරිදිම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එක් පුද්ගලයෙකුට ජනාධිපතිධුරය දැරීමට ඇති වාර ගණනද දෙවරකට පමණක් සීමා වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙවරක්ම ජනාධිපතිධුරය දරා එම වාරගණන අවසන් කර ඇත.
එය හොදාකාරවම දැන දැනත් කුමාර වෙල්ගම විසින් මේ සිදුකරන්නේ මහින්ද වටා සිටින පොහොට්ටු පාක්ෂිකයින් ගොනාට ඇන්දවීමකි. වෙල්ගම මන්ත්‍රීවරයා පවසන පරිදි ජනාධිපතිවරයෙන් මහින්ද ජයගෙන දින කිහිපයකට පසුව හිටපු අධිකරණ තීන්දුව හරහා ජනාධිපතිවරයාගේ පත්වීම නීති විරෝධී සහ ව්‍යාවස්ථා විරෝධී පත්වීමට බවට තීන්දුවක් ලදහොත් ඉතා පහසුවෙන් රනිල් වික්‍රමසිංහ හෝ විරුද්ධ පාර්ශවයවන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට ජනාධිපතිධුරය හිමිවිය හැක.
ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කර ඇති අතර මේ තුළින් වෙල්ගම මේ වන විට හිතාමතාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කෝචෝල් කරමින් පොහොට්ටු පාක්ෂිකයින් ගොනාට අන්දවමින් එක්සත් ජාතික පක්ෂයට සහය දෙන දේශපාලන කොන්ත්‍රාත්තුවක නිරත වන බව පෙනීයයි.