අයවැයට මුවාවෙමින් ව්‍යවස්ථාවට සහය දෙන්න ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට! සැලසුමේ වෙනසක්!

Spread the love

අයවැයට මුවාවෙමින් එජාප-දෙමළ සන්ධාන ආණ්ඩුවේ නව ෆෙඩරල් ව්‍යවස්ථාවට සහය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් UNP-TNA ආණ්ඩුවට එක්කර ගැනීමේ සැලසුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

අයවැයට පෙර නව ව්‍යවස්ථාව සභාගත කිරීමේ කතිකාවක් තිබුණද ආණ්ඩුවේ පාර්ශවයන් වන එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ තුල තිබුණද මේ වන එම සැලැස්ම වෙනස් කිරීමට එජාපය තීරණය කර ඇත.

දෙමළ සන්ධානයේ කොන්දේසිවලට යටත්ව අයවැයට පෙර ව්‍යාවස්ථා සංශෝධනයක් ගෙන ඒම තුළ ආණ්ඩුවට එරෙහි විරෝධය තවත් වැඩිවන බවත්, ඒ තුළින් අයවැය පවා පරාජය වීමේ වැඩි ඉඩකඩක් පවතින බවත්, රට බෙදන ෆෙඩරල් ව්‍යාවස්ථාවට සහය දීම වෙනුවෙන් චන්ද්‍රිකාගේ ශ්‍රීලනිප කල්ලියට එජාපයට පැමිණෙන මාර්ගය කපාගැනීම අපහසුබවත් සහ එය ඔවුන්ගේ දේශපාලනයේ අවසානය සනිටුහන් වන අතිශය හානිකරම කටයුත්ත වන නිසා එය සිතන තරම් පහසු කටයුත්තක් නොවන බව එජාපයේ මතය වී තිබේ.

එම නිසා මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනතාවට දැනෙන සහන රැසක් ලබාදී ඊට සහය ලබාදෙන මුවාවෙන් චන්ද්‍රිකාගේ කල්ලිය ආණ්ඩුවට ගෙන ඉන්පසු ඔවුන් ලවා ව්‍යාවස්ථා සංශෝධනයේ බහුතරය ලබාගැනීම සිදුකරමු යන්න එජාපයේ මතය වී තිබේ. එය එක ගලින් කුරුල්ලෝ දෙදෙනකු මරා ගැනීමේ න්‍යායට සමාන බවත් පෙන්වා දී ඇත.

එහෙත් රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව සඳහා අනුග්‍රහය දක්වන බටහිර තානාපති කාර්යාල සහ දෙමළ සන්ධානය මීට එතරම් එකඟතාවයක් පළකර නොමැති අතර මීට සහය දීම වෙනුවෙන් ශ්‍රීලනිපයෙන් පැන එන එක් අයෙකු ලබාදෙන රුපියල් කෝටි 40 කට අධික කොන්ත්‍රාත් පදනමින් ලබාදෙන කප්පම් මුදල් ලබාගෙන අවසානයේ පාර්ලිමේන්තුවේ කාලගෝට්ටියක් නිර්මාණය කොට මොවුන් කට්ටි පනීවිද යන්න ඔවුන්ට ගැටලුවක් වීම ප්‍රධාන හේතුවක්ව ඇත.

කෙසේ වෙතත් ඊට පිළියමක් ලෙස ඔවුන්ට මෙම කොන්ත්‍රාත් පදනමින් දෙන කප්පම් මුදල් කොටස් වශයෙන් පියවරෙන් පියවර ලබා දීමට එජාපයේ අදහස වී ඇතිබවද වාර්තාවේ.

එසේම ඊට සමගාමීව එජාපයේ සෑම මන්ත්‍රීවරයෙකුටම කෝටි 30 බැගින් මුදල් ලබාදීම ගම්පෙරළිය හරහා සිදුකිරීමට මේ වන සැලසුම් කොට තිබේ.

RSL

Related Posts