ලෝක වෙළෙඳපොලේ ගෑස් සහ තෙල් මිල බසී; ඒත් ලංකාවේ ආණ්ඩුව වාසිය යටිමඩි ගසයි

Spread the love

මේ වන විට ලෝක වෙළෙඳපොලේ ගෑස් සහ තෙ මිල සීඝ්‍රලෙස පහත යමින් තිබුණද වත්මන් එජාප-දෙමළ සන්ධාන ආණ්ඩුව එහි වාසිය ජනතාවට ලබානොදී එම ලාභය යටිමඩි ගසමින් සිටින බවට අනාවරණය වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර් පවසා ඇත්තේ, ගෑස් මිල ගණන් තීරණය කිරීමේදී සෞදියේ අරුම්කො වෙළෙඳපොළ මිල ගණන් සැලකිල්ලට ගන්නා බවත් මේ වනවිට එහි ගෑස් මිල පහළ යෑම, ලෝක වෙළෙඳපොළ තෙල් මිල පහළ යෑම මෙන්ම මෙරට තෙල් මිල පහළ යෑම ආදියද සැලකිල්ලට ගෙන ගෑස් මිල සම්බන්ධව මිල කමිටුව හා සමාගම්වල නියෝජිතයන් අතර ඉදිරි කාලයේදී සාකච්ඡා සිදුවනු ඇතිබවයි.

එහෙත් ගෑස් මිල ගණන් තීරණය කිරීම එක්තරා ක්‍රියාවලියක් බැවින් මිල ගණන් කඩිමුඩියේ සංශෝධනය නොවනු ඇතැයිද ඔහු පවසයි.

ලෝකයේ රටවල් ගණනාවක ගෑස් මිල ගණන් පහළ යන නිසා මෙරට ගෑස් මිල ගණන් තීරණය වීමේදී එකී කාරණය ඇතුළු තවත් කාරණා රැසක් සලකා බලන බව පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය පහළොවකට අධික සංඛ්‍යාවක් නම් කර ඇතැයිද අදාළ මිල ගණන් සංශෝධනය සම්බන්ධව ගෑස් සමාගම් ඉදිරිපත් කොට තිබෙන ඉල්ලීම සලකා බැලීම ‘මිල කමිටුව’ හරහා සිදුවනු ඇතැයිද මේ වනවිට ගෑස් සමාගම් මිල වැඩි කිරීමට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලුම් පත්‍රය සලකා බලා මිල තීරණය වන සාධක පිළිබඳ විමර්ශනය කිරීම් කටයුතු සිදුවනු ඇතැයිද ඔහු පවසයි.

RSL

Related Posts