දෙකෙන් ගිය අය හතරෙන් යවන්න පැමිණි එජාප ආණ්ඩුව 2යි 4යි එකට තබා බදු පිට බදු ගසන අලුත්ම මාෆියාව

Spread the love

රෝද දෙකෙන් යන අයට රෝද හතරේ වාහනයකින් යන්න අවස්ථාව දෙන බව පවසා ජනතාව ගොනාට අන්දවමින් ඔවුන්ගේ ඡන්ද කඩාගත් එක්සත් ජාතික පක්ෂය මේ වන විට අමාරුවෙන් හෝ පරණ වාහනයක හිමිකරුවෙකු වී සිටින මධ්‍යම පාන්තික දුප්පත් වාහන හිමියන්ට එජාප ආණ්ඩුව තවත් බදු බරක් පටවා ඇත. ඒ වාහනයක එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන ඝන සෙන්ටිමීටරයක් රුපියල් 1.50 බැගින් අයකරන ‘කාබන් බද්ද’ නම් වූ අලුත්ම බද්දයි.

මෙය අයකරනු ලබන්නේ දුම් සහතික මගඩිය වෙනුවෙන් වූ ගසනු ලබන බද්දට අමතරවය. එසේම මෙයින් වැඩිම බදු මුදලක් ගසනු ලබන්නේ ලියාපදිංචි වර්ෂය වසර 10 ඉක්මවූ වාහන වලට වන අතර රටේ පහළ මධ්‍යම පාන්තික ජනතාවගෙන් රටේ 75% කට අධික ප්‍රමාණයක් භාවිතා කරනු ලබන්නේ වර්ෂ 2009 ට පෙර ලියාපදිංචි කළ වාහන බව පෙනෙන්නට තිබේ.

දින 45 ක කාලයක් තුල අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරමින් ජනතාවට දැනෙන සහන ප්‍රමාණයක් ලබාදෙමින් සිටි මහින්ද රාජපක්ෂ පුමුඛ ශ්‍රීලනිප ආණ්ඩුව ගෙදර යවමින් ෆෙඩරල් රාජ්‍යයක් ලබාදීමේ එකඟතා මත පිහිටා දෙමළ සන්ධානය සමඟ ආණ්ඩු පිහිටවූ වත්මන් එක්සත් ජාතික පක්ෂය මේ වන විට යළි යළිත් සිදුකරමින් සිටින්නේ ජනතාව මත බර පටවමින් බදු පිට බදු ගැසීමේ ක්‍රියාවලියයි.

වාහනයක එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන ඝන සෙන්ටිමීටරයක් සඳහා කාණ්ඩ තුනක් යටතේ වාර්ෂිකව මෙම බද්ද පහත වගුවේ දැක්වෙන පරිදී අය කරගනු ලබයි.

මගී ප්‍රවාහන බස්රථ සඳහා වාර්ෂික ස්ථාවර ගාස්තුවක් ලෙස මෙම කාබන් බද්ද අයකරනු ලබන අතර වසර 5ට අඩු බස්රථ සඳහා රුපියල් 1000ක්ද, වසර 5-10ත් අතර පැරණි බස්රථ සඳහා රුපියල් 2000ක්ද, වසර 10කට වඩා පැරණි බස්රථ සඳහා රුපියල් 3000ක් වන පරිදී බදු ගෙවිය යුතු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

RSL

Related Posts