නව ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ සියලු ජාතීන්ට අනර්ථයක් වන රනිල් හා සුමන්තිරන් අතර ගිවිසුම ක්‍රියාත්මක වීමයි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සිදුවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා සුමන්තිරන් මන්ත්‍රීවරයා අතර ඇති ගිවිසුමක් ක්‍රියාත්මක වීමක් පමණක් බවත්, ඉන් රටේ සියලු ජාතීන් රවටමින් ඔවුන්ට අනර්ථයක් වීම පමණක් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(22) කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. සර්ව ආගමික නායකයින්, දේශපාලනඥයින්, රාජ්‍ය සේවකයින් ඇතුළු …
Continue Reading
අගමැති රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට එරෙහි පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 31 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම ඊයේ(22) අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කර සිටියේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා …
Continue Reading
ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක්වත් නෑ..
ව්‍යවස්ථාවක් තියා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස් කොට නොමැති අවස්ථාවක ඇතැමුන් රට බෙදනවා, රට කැඩෙනවා කියා කෑගසනවා යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ පෙරේදා (19) ගාල්ල යක්කලමුල්ලේදී පැවසීය. යක්කලමුල්ල කරාගොඩ ශී‍්‍ර පූර්වාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ, දෙමහල් භික්ෂු නේවාසිකාගාරය, දහම්පාසල් ගොඩනැගිල්ල, හා දානශාලාව සග සතුකොට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම බව සඳහන් කළේය. අගමැතිවරයා එහිදී මෙසේද කීවේය. “අද උදෑසන මම පුවත්පත්වල දැක්කා මල්වත්තේ මහනාහිමියන් ව්‍යවස්ථාව …
Continue Reading
දේශපාලනයේ ජාතිවාදී ගිනි වහා ඇවිලෙන සුළු මොහොතක..!
පසුගියදා මහනුවර නගරයේ තට්ටු ගොඩනැගිල්ලක අනපේක්ෂිත අයුරින් ඇතිවූ ගින්න මේ වන විට මුළු රටේ ම කාගේත් කතාබහට ලක්වූ සිදුවීමක් වී හමාරය. ඊට හේතුව එය ගින්නක් නිසාම නොවේ. එම ගින්න හරහා මතුවූ මනුෂ්‍යත්වයේ කතාව නිසාය. එසේම පියකු තම දරුවන් හා භාර්යාව බේරා ගැනීමට කළ ජීවිතයත් මරණයත් අතර වික‍්‍රමාන්විත සටන නිසාය. මෙම ගින්නට ගොදුරු වූ ද්‍රවිඩ ජාතික පවුල බේරාගැනීමට බිම සිට එකමුතුව …
Continue Reading
එජාපය, දෙමළ සන්ධානයේ ප්‍රාණ ඇපයට!
තම ජාතිවාදී, බෙදුම්වාදී වුවමනාවන් ඉටුකර ගැනීමට දෙමළ ජාතික සන්ධානය, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථා ක්‍රියාදාමය වේගවත් වී දැනට ඔවුනට නොනිල වශයෙන් උතුරු සංවර්ධන අමාත්‍යාංශය ලැබී ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ පෙන්වා දෙයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මෙසේ ද සඳහන් කළේය. “අද දින මව්බිම …
Continue Reading
අපේක්ෂකයින් වැඩි වන තරමට රනිල්ට ජනාධිපතිවරණය ජය ගන්න පහසුයි
ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් වැඩි වන තරමට එක්සත් ජාතික පක්‍ෂයට ජයග්‍රහණය කිරීම ඉතා පහසු බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග පවසයි. එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ පක්‍ෂයේ ආරංචි මාර්ගවලට අනුව වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාම බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඔවුන්ගේ අපේක්‍ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, මහින්ද …
Continue Reading
ව්‍යවස්ථා කොන්ත්‍රාත්තුව ගොඩදාන්න එජාපය යැවූ තවත් ඒජන්තයෙක් හිසගසා ගෙන එයි
එක්සත් ජාතික පක්ෂ- දෙමළ සන්ධාන ආණ්ඩුවේ මූලික එකඟතා ගිවිසුමට අදාළ බෙදී වෙන්වුණු රාජ්‍යයකට (ෆෙඩරල්) අදාළ ව්‍යවස්ථාව සම්මත කරගැනීමට අදාළ පසුබිම සකස් කරගැනීම වෙනුවෙන් මහා සංඝරත්නය වෙත එක්සත් ජාතික පක්ෂයේ ඒජන්තයින් දින කිහිපයකට වරක් යොමුකිරීමේ මෙහෙයුමක් සති කිහිපයක සිට ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා යම් තරමක හෝ සිංහල-බෞද්ධ අනන්‍යතාවයක් තිබෙන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මහනායක හිමිවරුන් ඇතුළු මහසංඝරත්නය හමුවට දින දෙක …
Continue Reading
මහබැංකුව කොල්ල කෑ රනිල්ගේ ගෝලයා සිංගප්පුරුවේ සැප ගනිද්දී, ගෝලයාගේ ගෝලයොත් ඇප පිට නිදහස් වෙති!
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සහතික කොට පත්කළ ඔහුගේ අතිජාත මිත්‍ර සිංගප්පුරු ජාතික ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති මෙන්ම ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කරයෙන් කොල්ල කා රටින් පැනගොස් සිංගප්පුරුවේ සැපසේ වෙසෙන කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ගේ ගෝලයින් දෙදෙනකු වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා …
Continue Reading
රනිල්ගේ වාසනාවට අකුල් නොහෙලනු!
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිස බලයට පැමිණ ගත වූ දින 10 තුළ ගනු ලැබූ ප්‍රධාන පියවර කිහිපයෙන් පැහැදිලි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය අඩකුඹු කිරීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි. මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අද නිවේදනයක් නිකුත් කරමින්ය. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අගමැතිතුමාගේ වාසනාවට අකුල් නොහෙළනු යන මැයෙන් අද …
Continue Reading
අපේ නායකතුමා කිසිම දවසක මේ රටේ ඒකීයභාවයට හෝ බුද්ධාගමට කිසිම හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ
අපි රට බෙදන්න යනවා කියලා බොරු පතුරවනවා. අපේ නායකතුමා කිසිම දවසක මේ රටේ ඒකීය භාවයට හෝ බුද්ධාගමට කිසිම හානියක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා කියන්න කැමැතියි. බොරු බිල්ලෙක් මවනවා හැර ඔවුන්ට කියන්න දෙයක් ඇත්තෙම නැතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති මහාමාර්ග හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මාවනැල්ලේදී පැවැසීය. ඒ මහතා ඒ බව පැවැසුවේ එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර …
Continue Reading