ව්‍යවස්ථා කොන්ත්‍රාත්තුව ගොඩදාන්න එජාපය යැවූ තවත් ඒජන්තයෙක් හිසගසා ගෙන එයි

Spread the love

එක්සත් ජාතික පක්ෂ- දෙමළ සන්ධාන ආණ්ඩුවේ මූලික එකඟතා ගිවිසුමට අදාළ බෙදී වෙන්වුණු රාජ්‍යයකට (ෆෙඩරල්) අදාළ ව්‍යවස්ථාව සම්මත කරගැනීමට අදාළ පසුබිම සකස් කරගැනීම වෙනුවෙන් මහා සංඝරත්නය වෙත එක්සත් ජාතික පක්ෂයේ ඒජන්තයින් දින කිහිපයකට වරක් යොමුකිරීමේ මෙහෙයුමක් සති කිහිපයක සිට ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ සඳහා යම් තරමක හෝ සිංහල-බෞද්ධ අනන්‍යතාවයක් තිබෙන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මහනායක හිමිවරුන් ඇතුළු මහසංඝරත්නය හමුවට දින දෙක තුනකට වරක් පිටත් කර හැරීම එජාප-දෙමළ සන්ධාන ෆෙඩරල් කමිටුව විසින් සිදුකරන බවට වාර්තාවේ.

ඒ අනුව ඊයේ(15) දිනයේ ඒ සඳහා තම ඊලඟ ඒජන්තයා ලෙස පිටත් කර හැර තිබුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තම බාප්පා වන වත්මන් UNP-TNA රජයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනය. ෆෙඩරල් ව්‍යවස්ථා මරාලය කරේ ගසාගෙන අස්ගිරි-මල්වතු මහ නාහිමිවරු හමුවට ගිය රුවන් විජේවර්ධනට සිදුවූයේ “වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීම නොව, හිසේ ගසා ගත්තා” වැනි සිදුවීමකි.

අස්ගිරි මහ නාහිමියන්ට රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථා ගිනි ගුලිය, පැණි ගුලියක් ලෙස බැස්සවීමට උත්සහ කළ රුවන් විජේවර්ධනට, මහ නාහිමියන් වදාළා සිටියේ, රට බෙදන ව්‍යවස්ථාව පැත්තක තබා නිසි කලට පැවැත්විය යුතු මැතිවරණ පවත්වා ජනමතය ඉඩ දෙන ලෙසය.

මෙහිදී අස්ගිරි මහා නාහිමියන් හා රුවන් විජේවර්ධන අතර ඇතිවු සංවාදය සංස්කරණයකින් තොරව මෙසේය.

“අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි – ව්‍යවස්ථා කටයුතු දැන් වෙනවා…

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන – එහෙයි ස්වාමීන් වහන්ස
ඒකත් ඉතිං එච්චර ලොකු දෙයක් නෙමෙයි කෙටුම්පතක් විතරයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක කොහොමටත් සම්මත වෙන්න නම් ඉතිං ඕන කැබිනට් එකට යන්න ඕන. ආපහු පාර්ලිමේන්තුවට එන්න ඕන. ජනාධිපතිතුමා ඒක ජනමත විචාරණයකට දාන්න ඕන.ඒ වගේ ලොකු වැඩක් තියෙනවා.

අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි – පෙබරවාරි 4 වැනිදා ව්‍යවස්ථාව ගේනවා කියන කථාව ?

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන – මං හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා.එච්චර පොඩි කාලයකින් ඕක ගේනන බැහැ. භීතිකාවකුත් ඇති කරලා තියෙනවා වගෙයි.අපි දෙමළ සන්ධානයේ මන්ත්‍රිවරු එක්කත් කතා කරනකොට ස්වාමීන්වහන්ස ඒගොල්ලොත් කියන්නේ ඒකීය රටක් හැටියට පිළිගන්නවා කියලා. බුද්ධාගමටත් මුල්තැන දීලා තමයි කරන්නේ කියලා තමයි ඒගොල්ලොන්ගේ අදහස. 

මහ ඇමතිවරුනුත් ඉල්ලීමක් කරලා තියෙනවා පොලිසියේ බලතල ඒගොල්ලොන්ට ලබා දෙන්න කියලා. ඒ අදහස් ටික තමයි ස්වාමීන්වහන්ස ඔය කෙටුම්පතට දාලා තියෙන්නේ.ඒත් ගොඩක් දුරට තවත් සාකච්ඡා කරන්න ඕන කියලා තමයි කොහොටත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකුත් අවශ්‍යයි.

අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි – දැන් නම් ඉතිං මේ වෙලාවේ නම් තියෙන්නේ ව්‍යවස්ථාවක් නෙමෙයි.පළාත් සභා ඡන්දය, ජනාධිපතිවරණය එහෙම තියෙන්න ඕන. ගොඩක් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒක.

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන – මැතිවරණයකට යන්න නම් අපේ පැත්තෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ.

අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි – පළාත් සභා ඡන්දය ඉක්මන් කරන එක තමයි වැදගත්.

RSL

Related Posts