අගමැති රනිල්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට එරෙහි පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි

Spread the love

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 31 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

කොළඹ නාගරික මන්ත්‍රීනි ශර්මිලා ගෝනවල විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම ඊයේ(22) අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කර සිටියේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 31 වනදා කැඳවන බවයි.

පෙත්සම්කාරිය කියා සිටින්නෙමු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ Lake house printers and publishers සමාගමේ කොටස් හිමියෙක් වශයෙන් කටයුතු කරන බවයි.

ඒ බව එම සමාගම විසින් නිකුත් කරනු ලැබූ 2014 සහ 2018 වසර වලට අදාළ වාර්ෂික වාර්තාවල සඳහන් වන බව පෙන්වාදෙන පෙත්සම්කාරිය රනිල් වික්‍රමසිංහ මහතා කොටස් කාරීත්වය දරන අදාළ සමාගම මහජන බැංකුව හා ලංකා බැංකුව සමඟ ගිවිසුම්ගතවී එම බැංකුවකවලට අදාළ චෙක්පත් ඇතුළු ලේඛන මුද්‍රණය කිරීමේ ව්‍යාපාරයේ නිරත වන බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු හිමිකාරිත්වය ගැන සමාගමක් රජයේ ආයතන සමග ගිවිසුම් ගතවී ව්‍යාපාරික කටයුතුවල නිරතවීම මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු කමක් යැයි පෙත්සම්කාරිය පෙන්වා දෙයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුසු අයෙකු බැවින් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ කෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය භාවිත කිරීම වැළැක්වීමෙන් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඇය අභියාචනාධිකරණය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

RSL

Related Posts