ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක්වත් නෑ..

Spread the love

ව්‍යවස්ථාවක් තියා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස් කොට නොමැති අවස්ථාවක ඇතැමුන් රට බෙදනවා, රට කැඩෙනවා කියා කෑගසනවා යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ පෙරේදා (19) ගාල්ල යක්කලමුල්ලේදී පැවසීය.

යක්කලමුල්ල කරාගොඩ ශී‍්‍ර පූර්වාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ, දෙමහල් භික්ෂු නේවාසිකාගාරය, දහම්පාසල් ගොඩනැගිල්ල, හා දානශාලාව සග සතුකොට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම බව සඳහන් කළේය. අගමැතිවරයා එහිදී මෙසේද කීවේය.

“අද උදෑසන මම පුවත්පත්වල දැක්කා මල්වත්තේ මහනාහිමියන් ව්‍යවස්ථාව ගැන කළ ප‍්‍රකාශය. අපි එය ගැඹුරින් අධ්‍යයනය කරන්න වුවමනායි. සමහර අය කියනවා ව්‍යවස්ථාවක් ගේනවා රට කැඩෙනවා, රට බෙදනවා, රට නැති වෙනවා කියලා. මේ නිසා මහ නාහිමියන්ගේ ප‍්‍රකාශය ඉතා වැදගත්. ව්‍යවස්ථාවක් ගේනවා, රට බෙදනවා. රට කැඩෙනවා කියලා කියන්නේ ව්‍යවස්ථාවක් නැති අවස්ථාවක. කිසිම ව්‍යවස්ථාවක් සකස් කරලා නැහැ. ව්‍යවස්ථාවක් තියා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස් කරලා නැහැ. ආණ්ඩුවෙන් ඒවා සකස් කරලා නැහැ. 

අපි මුළු පාර්ලිමේන්තුවම එකතුවෙලා ව්‍යවස්ථාදායක සභාව අරගෙන හැම පක්ෂයම නියෝජනය වන මෙහෙයුම් කමිටුවක් දමලා තියෙනවා. මම ඒකේ සභාපති. අපට තියෙන්නේ එතැනදි හැම අයකුගේම අදහස් ලබා ගන්න. අදහස් ලබාගත් පසු අන්තර් වාර්තාවක් අපි ලිව්වා. එය දින පහක් හයක් පාර්ලිමේන්තුවේ වාද විවාද කළා. ආපසු අදහස් ආවා. ඒ පිළිබඳ වාර්තා කිහිපයක් ඇවිත් ආපසු සකස් කළා. විශේෂඥයන් කීවා වාර්තාවක් හදන්න කියලා. සමහර ඒවාට එකග වෙන්න බැරිව විකල්ප වාර්තාවක්ද සකස් කළා. පසුව හැම දේශපාලන පක්ෂයකින්ම අදහස් විමසුවා. මහ ඇමැතිවරු තව වාර්තාවක් දුන්නා ඊළ`ගට ව්‍යවස්ථාදායක සභාවේ විවාදයේදී් හැම සමාජිකයකුගේම කථාව සාරංශ කරලා ඒ විෂයයන්, මේ විෂයන් ගැන කථා කළා කියලා කීවා. ඕනෑම කෙනකුට ඒවා අරගෙන කියවන්න පුළුවන්. අපේ යුතුකම ලැබෙන හැම වාර්තාවක්ම සභාවට ඉදිරිපත් කිරීමයි. දැන් ඒවා වෙබ් අඩවිවල තියෙනවා. ඒක කියවන්න. එච්චරයි කරලා තියෙන්නේ වෙන මුකුත් කරලා නැහැ.

RSL

Related Posts