නව ව්‍යවස්ථාවෙන් පොලිසිය කොටස් වලට කැඩී, පළාත් සභා වලට යුද ආයුධ ආනයනය කිරීමේ බලතල ලැබෙන්නේ මෙහෙමයි

Spread the love

පොලිසිය කෑලි කැඩෙන්නේ නැති බවට අගමැතිතුමා බොරු කිව්වත් පොලිසිය කෑලි 10කට කැඩෙන බව යෝජිත ව්‍යවස්ථාවේ 254 ඡේදයේ සඳහන් වෙනවා. ඇත්තටම ලංකාව වගේ පුංචි රටක පොලිසිය කෑලි දහයකට කැඩුවොත් කුමක් වේවි ද? මම මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

කප්පම් කල්ලියක් කඩවත දී තරුණියක් පැහැරගෙන නුවර පාර දිගේ නුවර පැත්තට යනවා. 119 අමතලා මේ සිද්ධිය කිව්වාම ඔන්න දැන් පොලිසිය අර වෑන් එක ලුහු බඳිනවා. පැයක් ඇතුලත වෑන් එක අල්ලා ගත්තේ නැති නම් නෙළුම්දෙණිය පසු කරලා සබරලගමු පලාතට ඇතුළු වෙනවා. මෙතෙක් වෙලා වෑන් එක ලුහු බැන්ඳේ බස්නාහිර පළාත් පොලිසිය. නමුත් ඒ අයට සබරගමු පලාතේ නීතිය ක්‍රියාත්මක කරන්න බලයක් නෑ. ඒ අය නෙළුම්දෙණියෙන් එහාට යන්නේ නෑ. මේක හරියට තමිල්නාඩුවේ මිනීමැරුමක් කළ කෙනෙක් බෝට්ටුවක නැගලා යාපනයට පැනලා එනවා වගේ වැඩක්. තමිල්නාඩු පොලිසියත් බෝට්ටුවක නැගලා අර මිනීමරුවා පස්සෙන් පන්නනවා. හැබැයි ලංකා දේශ සීමාවට ආපු ගමන් තමිල්නාඩු පොලිසිය නතර වෙනවා. ඊට පස්සේ සිදුවීම ලංකාවට දැනුම් දෙනවා. දැන් අර මිනීමරුවා අල්ලලා භාර දෙන එක ලංකාවේ පොලිසියේ වැඩක්.

ඒ වගේ දැන් ඔන්න බස්නාහිර පළාත් පොලිසිය මේ පැහැර ගැනීම ගැන සබරගමුව පලාත් පොලිසියට දැනුම් දෙනවා. ඒ අයත් වාහනයක් ලැහැස්ති කරගෙන වෑන් එක පස්සෙන් පන්නවා. පැයක් ඇතුලත වෑන් එක අල්ලා ගන්න අසමත් වුණොත් අර වෑන් එක කඩුගන්නාවෙන් මධ්‍යම පලාතට ඇතුළු වෙනවා. දැන් ඉතින් සබරගමුව පොලිසිය මධ්‍යම පලාත් පොලිසියට දැනුම් දීලා නිකන් ඉන්න ඕනි. දැන් මධ්‍යම පලාත් පොලිසිය වෑන් එක ලුහු බඳිනවා කියමුකො. දැන් මධ්‍යම පලාත් පොලිසියට තිබෙන්නේ විනාඩි 45යි. විනාඩි 45ක් ඇතුලත වෑන් එක අල්ලා ගන්න බැරි වුණොත් වෑන් එක ගලගෙදර හරහා වයඹ පලාතට ඇතුළු වෙනවා.

දැන් බලන්න. පැය තුනක් ඇතුලත පලාත් හතරක් හරහා මේ වෑන් එක යනවා. ඉතින් කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ? ඒ නිසා පොලිසිය කෑලි දහයකට කඩලා නීතිය ක්‍රියාත්මක කිරීම විහිලුවක් කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

විග්නේශ්වරන් වැනි අන්තවාදි මහ ඇමතිවරයෙකු යළි උතුරු පළාත් සභාවට පත් වුවහොත් යළිත් බෙදුම්වාදි යුද්ධයක් ඇති වීමේ අනතුරක් තිබෙනවා. එදාට යුද්ධය ඇති වෙන්නේ ශ්‍රී ලංකා හමුදාව සහ ත්‍රස්තවාදින් අතර නොව ශ්‍රී ලංකා හමුදාව සහ උතුරේ පොලිසිය අතරයි. එදා ඉන්දියාව ත්‍රස්තවාදින්ට අවි සැපයුවේ හොරෙන් හොරෙන්. නෝරවේ පුහුණුව සැපයුවේ හොරෙන්. හොරෙන්. නමුත් උතුරේ අනාගත යුද්ධය කරන්නේ නීත්‍යානුකූල පොලිසියක් නම් විදේශීය බලවේග වලට එලිපිටම ඒ අයට සහය දක්වන්න පුළුවන්. ඒ නිසා පොලිසිය කෑලි දහයකට කඩලා මේ රට යළි ගොඩ පැමිණිය නොහැකි වලකට ඇද දමන්න එපා කියා අපි අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වසර 37 න් ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් වුනත් මෙවැනි නීත්‍යනුකූල පොලීසියකට ජාත්‍යන්තරවත් සහය ලැබෙද්දී දෙමළ ඊලම බිහිවෙන එක කාටවත්ම නතර කරන්න පුළුවන් කමක් නෑ.

RSL

Related Posts