පැනමා ලේඛනවල රාජපක්ෂවරුත් ඉන්නවා ද?

ලොව පුරා බලවත් පුද්ගලයන් තම වත්කම් සඟවා තබා ගැනීමට උපකාර කරගත් නීතිඥ සමාගමකින් මිලියන ගණනක් රහසිගත දත්ත පිට වී ඇති බවට පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ය. පැනමා රාජ්‍යයේ පිහිටා ඇති මොසැක් ෆොන්සේකා නමැති නීතිඥ සමාගමෙනුයි, මේ රහස්‍ය ලිපිගොනු පිටව ඇති බව වාර්තා වන්නේ. ජාත්‍යන්තර වත්කම් සීමාවලට හසු නොවන ආකාරයෙන් මුදල් විශුද්ධිකරණය කිරීමට සහ නියමිත බදු ගෙවීමෙන් නිදහස් වී …

Continue Reading

මහින්ද යාපා රු.ලක්ෂ 1800කට කළේ මොකක් ද?

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය තුළ සිදුව ඇතැයි කියන බරපතළ මූල්‍ය අක්‍රමිකතාවන් ගැන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධනගෙන් ප්‍රශ්න කර ඇත. මේ ප්‍රශ්න කිරීම බරපතළ මූල්‍ය වංචා සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම විසින් ඊයේ දිනයේ සිදු කර ඇති අතර මහින්ද යාපා විෂය භාර ඇමැතිව සිටි සමයේ ඉහත ආයතනයට අයත්, සේවකයන් සහ වාහන දේශපාලන කටයුතුවලට යෙදවීමෙන් මේ අලාභය සිදු කර ඇති බවට චෝදනා එල්ල …

Continue Reading

ඒක පුද්ගල ආදායම ඩොලර් 2යි! – කබිර් හෂිම්

පසුගිය රජය විසින් ඒක පුද්ගල ආදායම ඩොලර් 400ට ගෙනා බව කී මුත්, බොහෝ අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2ක් පමණක් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් පවසා ඇත. මේ අදායම් බෙදී යාම විෂමතාව බොහෝ කලක සිට පැවතුණු අතර පසුගිය සමයේ එය වඩාත් උග්‍ර විය. කෙසේ වෙතත් එකී පාලනය පෙරලා දමා කබිර් හෂිම්ලා බලයට පත් කළේ පරණ බණේ ම කියා …

Continue Reading

වාහන අලෙවි සමාගම් බිඳ වැටෙයි!

වාහන අලෙවි සමාගම්වලට සිය ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් පැන නැගී ඇති බව වාර්තා වෙයි. පසුගිය අය-වැයෙන් වාහන අානයනය සම්බන්ධ බදු ඉහළ නැංවූ අතර එය වාහන අලෙවිය කෙරෙහි ඉතා අයහපත් ලෙස බලපා ඇත. අනෙක් අතට ජනතාවගේ ආර්ථික තත්වය ඉතා පහළට ඇද වැටී ඇති අතර ක්‍රය ශක්තිය සීඝ්‍රයෙන් පල්ලම් බැස ඇත. මේ කරුණු නිසා විශාල වශයෙන් වාහන මිල දී ගැනීම …

Continue Reading

සෝභිත හිමිගේ මරණ පරික්ෂණය සිදු නොකළේ ඇයි?

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කර නැතැයි වාර්තා වෙයි. මේ බව දැනගන්නට ලැබුණේ පසුගිය දා උඩුවේ ධම්මාලෝක හිමි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරික්ෂණ පවත්වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ය. මෙලෙස සෝභිත හිමියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු නොකිරීම සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය …

Continue Reading

ශ්‍රී ලංකන් එයාර් විකුණන්නට යයි!

ශ්‍රී ලංකන් එයාර් යනු පසුගිය කාලයේ මෙරට වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවලින් එකකි. පසුගිය පාලන සමයේ එහි සභාපති ලෙස කටයුතු කරනු ලැබුවේ, එවක ජනපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහයි. ඔහු විසින් මේ ආයතනය අතිභයංකර ඉරණමකට ඇද දමා ඇති බව සත්‍යයකි. දැන් දැනගන්නට ලැබෙන පරිදි වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකන් එයාර් ආයතනය පුද්ගලීකරණය කරන්නට යයි. ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන තිබෙන පරිද්දෙන් …

Continue Reading

බෝම්බ ජැකට් ගැන පරික්ෂණ කරන්න – සම්බන්ධන් කියයි!

යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් පසුගිය දා හදිසියේ සොයාගත් බෝම්බ සහිත ජැකට්ටුව ගැන විවිධ මත පළවෙමින් ඇත. කෙසේ වෙතත්, ඉතා හදිසියේ මෙවැන්නක් මතු වීම සැකයකට තුඩු දෙන බව සත්‍යයකි. මෙරට දේශපාලනයේ ප්‍රධාන ගාමක බලවේගයක් ලෙස ජාතිවාදය තිබෙන නිසා ය. අනෙක් අතට ජාතිවාදය මාකට් කරමින් බලය ලබාගන්නට උත්සාහ දැරෙමින් තිබෙන නිසා ය. දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර ඇත්තේ …

Continue Reading

හරීන්ගේ paypal කන්නලව්ව!

paypal ක්‍රමයට පිටරට සමඟ මූල්‍ය ගනුදෙනු කරගැනීමට නොහැකි වීම මෙරට ව්‍යාපාරික කෂේත්‍රය මුහුණ දෙන බලවත් අඩු පාඩුවකි. එම පහසුගම නැති නිසා විවිධ රටවල් හරහා නිල නොවන ක්‍රමවලට තම ගෙවීම් ආදිය කිරීමට බොහෝ අය පෙළඹී ඇත. ඩිජිටල් ඇමැති හරීන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කීවේ තමන් කන්නලව් කළත් එම ආයතනය 2017 වන තෙක් මෙරටට පහසුකම් ලබා දීමට අකැමැති වුණ බවයි. වසර එක හමාරකට …

Continue Reading

පෝර්ට් සිටි – රටට මර උගුලක් වෙන හැඩ!

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර, මහින්ද රෙජිමය විසින් මහත් උත්කර්ෂයෙන් වර්ණනා කරමින් ක්‍රියාත්මක කළ කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතිය එවක විපක්ෂය විසින් මාරාන්තික විරෝධය දැක්වූවක් බව අපිට මතක ය. බොරු සටන් පාඨ හා දේශපාලන ගේම් කොයි හැටි වෙතත් කලාපීය දේශපාලන බල උවමනාවන්ට සියල්ල යටත් බව කවුරුත් තේරුම්ගත යුතු ය. එවක විපක්ෂයේ එවක උඩ පැනිල්ල අද ආණ්ඩුවේ නැත. පෝර්ට් සිටිය ගැන …

Continue Reading

නිර්මාල් ETCA ගිවිසුම ගැන ආණ්ඩුව පතුරු ගසයි!

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙරට දේශපාලන කතිකාව තුළ ප්‍රබල චරිතයකි. මහින්ද රාජපක්ෂ රෙජිමය පළවා හැර සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත් කරන්නට වැර වෑයම් ගත් සිවිල් සමාජ බලයක් සහිත අයෙකි. කෙසේ වෙතත් දැනගන්නට ලැබෙන පරිදි ආණ්ඩුව විසින් ඉන්දියාව සමඟ අත්සන් කරන්න යන නිදහස් වෙළඳ සහ සේවා ගිවිසුම ගැන ඔහු සිටින්නේ ආණ්ඩුව විවේචනය කරන ස්ථාවරයක ය. පළමු කොටම ඔහු පවසන්නේ මේ ගිවිසුම ගැන …

Continue Reading