බෝම්බ ජැකට් ගැන පරික්ෂණ කරන්න – සම්බන්ධන් කියයි!

Spread the love

R-Sambandan

යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් පසුගිය දා හදිසියේ සොයාගත් බෝම්බ සහිත ජැකට්ටුව ගැන විවිධ මත පළවෙමින් ඇත. කෙසේ වෙතත්, ඉතා හදිසියේ මෙවැන්නක් මතු වීම සැකයකට තුඩු දෙන බව සත්‍යයකි. මෙරට දේශපාලනයේ ප්‍රධාන ගාමක බලවේගයක් ලෙස ජාතිවාදය තිබෙන නිසා ය. අනෙක් අතට ජාතිවාදය මාකට් කරමින් බලය ලබාගන්නට උත්සාහ දැරෙමින් තිබෙන නිසා ය.

දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර ඇත්තේ මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස යි. උතුරේ ජනතාව ත්‍රස්තවාදයට අකමැති බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීමට කිසිවෙකුටත් ඉඩ දිය නොහැකි බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ඇත්ත වශයෙන් ම කිසිවෙක්ට යුද්ධයක් හෝ ත්‍රස්තවාදයක් අවශ්‍ය නැත. දෙමළ ජනතාවගේ ප්‍රධානත ම නියෝජිතයින් වන දෙමළ ජාතික සන්ධානයේ නායකයාගේ මේ ස්ථාවරය පැසසුම් කටයුතු බව කිය යුතු ය. ත්‍රස්තවාදය සේ ම ත්‍රස්තවාදය ඉදිරියට දමා බලය වෙනුවෙන් ජාතිවාදය ඇවිස්සීම ද නුදුරේ දී හෙළිදරවු වනු ඇති.

RSL

Related Posts