හරීන්ගේ paypal කන්නලව්ව!

Spread the love

Harin-Fernando

paypal ක්‍රමයට පිටරට සමඟ මූල්‍ය ගනුදෙනු කරගැනීමට නොහැකි වීම මෙරට ව්‍යාපාරික කෂේත්‍රය මුහුණ දෙන බලවත් අඩු පාඩුවකි. එම පහසුගම නැති නිසා විවිධ රටවල් හරහා නිල නොවන ක්‍රමවලට තම ගෙවීම් ආදිය කිරීමට බොහෝ අය පෙළඹී ඇත.

ඩිජිටල් ඇමැති හරීන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කීවේ තමන් කන්නලව් කළත් එම ආයතනය 2017 වන තෙක් මෙරටට පහසුකම් ලබා දීමට අකැමැති වුණ බවයි. වසර එක හමාරකට පෙර පේපෑල් සමාගම මෙහි ව්‍යාපාර අරඹන්නට උත්සාහ කළත් විවිධ හේතු නිසා ඒවා අසාර්ථක වූ බව කියූ ඔහු අනියමින් ප්‍රකාශ කලේ පසුගිය රජය කොමිස් ඉල්ලීමක් වැනි දෙයක් කළ බැවින් එය අහිමි වූ බවකි.

එම රජය ගෙදර යැවුවේ එවැනි වැඩ කළ නිසා බව නොදැනගන්නට හරීන් බබෙක් නොවේ. හරීන්ලා ඇමැතිකම් ගත්තේ නොකළ වැඩ කරන්නට ය. අනේ ඒක බැරිවුණා මේක ගෙනාවා කියමින් අවශ්‍ය දේ නැතිව වෙනත් දෙයක් ගෙන ඒමට ජනතාවගෙන් පඩි කන ඇමැතියෙක් අවශ්‍ය වන්නේ නැත.

මොන විකාරයක් ද හරීන් මේ ඔයා කරන්නෙ? අඩු තරමෙ වැඩ අලකරගෙන ඇවිත් ප්‍රවෘත්ති සාකච්ඡා නොතිය ඉන්නකො!

RSL

Related Posts