ශ්‍රී ලංකන් එයාර් විකුණන්නට යයි!

Spread the love

srilankan_airlines[1]

ශ්‍රී ලංකන් එයාර් යනු පසුගිය කාලයේ මෙරට වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවලින් එකකි. පසුගිය පාලන සමයේ එහි සභාපති ලෙස කටයුතු කරනු ලැබුවේ, එවක ජනපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහයි. ඔහු විසින් මේ ආයතනය අතිභයංකර ඉරණමකට ඇද දමා ඇති බව සත්‍යයකි. දැන් දැනගන්නට ලැබෙන පරිදි වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකන් එයාර් ආයතනය පුද්ගලීකරණය කරන්නට යයි.

ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන තිබෙන පරිද්දෙන් මේ ආයතනය ද පාඩු ලැබුව ද මෙය එමිරේට්ස් ගුවන් සමාගම හා බද්ධව පැවති කාලයේ 40% කොටස් වෙනුවෙන් පවා බිලියන 9.3ක පමණ ලාබයක් ලැබුවේ ය. මහින්ද රෙජිමය පවරාගත්තේ ලාබ ලබමින් පවතින ආයතනයක් වුව ද දැන් එය රටේම ආර්ථිකය වළපල්ලට යවන්නට තරම්වන සුදු අලියෙක් බවට පත්ව ඇතැ යි දැනගන්නට ඇත.

2008 වසරේ සිට ශ්‍රී ලංකන් එයා විසින් ආයතන 07කින් ණය ලබාගෙන ඇත. ගුවන් යානා 21 පමණක් ඇති මෙහි සේවකයන් 6800ක් සේවය කරති.(සේවකයන් ආවේ කොහින්දැ යි නොඅසන්න) දැනට එහි සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 933 ක් බව ද වාර්තා වෙයි. පසුගිය වසර ගණන තුළ අලාභය පමණක් බිලියන් 128කි. මෙය ජනතා මුදල් කාබාසිනියා කරන්නක් බව අමුතුවෙන් කිව යුතු නොාවේ.

රජයට අයත් සමාගම් ලාබ ලබන අන්දමින් පවත්වාගෙන යා හැකි නම් එහි වරදක් නැත. නමුත්, මෙරට වැනි අවලස්සන දේශපාලනයක් පවතින රටක් සිදුවන්නේ බලයට පත්වන රජයන් විසින් තම ඇම්බැට්ටයන්ගෙන් එම ආයතන පුරවා ගසා කෑමෙන් විනාශ කිරීමයි.

එනිසා මෙවැනි සුදු අලි වැනි ආයතන නිවැරදි ක්‍රමවේදයකට පුද්ගලීකරණය කිරීම රටට ජනතාවට සෙතක් කරනු ඇත.

RSL

Related Posts