වාහන අලෙවි සමාගම් බිඳ වැටෙයි!

Spread the love

ix35_for_sale

වාහන අලෙවි සමාගම්වලට සිය ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් පැන නැගී ඇති බව වාර්තා වෙයි. පසුගිය අය-වැයෙන් වාහන අානයනය සම්බන්ධ බදු ඉහළ නැංවූ අතර එය වාහන අලෙවිය කෙරෙහි ඉතා අයහපත් ලෙස බලපා ඇත. අනෙක් අතට ජනතාවගේ ආර්ථික තත්වය ඉතා පහළට ඇද වැටී ඇති අතර ක්‍රය ශක්තිය සීඝ්‍රයෙන් පල්ලම් බැස ඇත.

මේ කරුණු නිසා විශාල වශයෙන් වාහන මිල දී ගැනීම අඩු වී ඇති බව වාර්තා වෙයි. ගිය වසරේ සැප්තැම්බර් මාසයේ 14,544ක් ද, එම වසරේ ම නොවැම්බර් මාසයේ 10,084ක් ද ලෙස පැවති මාසික වාහන ලියාපදිංචිය පසුගිය පෙබරවාරි මාසය වනවිට 2897 තරම් පහළට බැස තිබීමෙන් එම තත්වය වටහා ගත හැකි ය.

කෙසේ වෙතත් මෙය වාහන අලෙවි කිරීමේ වෙළඳාම කඩා වැටීම තරම් තත්වයක් කෙරෙහි බලපානු ඇති බව පෙනී යද්දී භාවිත කරන ලද වාහන කෙරෙහි වන ඉල්ලුම ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව දැනගන්නට ඇත.

RSL

Related Posts