මහින්ද යාපා රු.ලක්ෂ 1800කට කළේ මොකක් ද?

Spread the love

Mahinda Yapa_CI

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය තුළ සිදුව ඇතැයි කියන බරපතළ මූල්‍ය අක්‍රමිකතාවන් ගැන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධනගෙන් ප්‍රශ්න කර ඇත. මේ ප්‍රශ්න කිරීම බරපතළ මූල්‍ය වංචා සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම විසින් ඊයේ දිනයේ සිදු කර ඇති අතර මහින්ද යාපා විෂය භාර ඇමැතිව සිටි සමයේ ඉහත ආයතනයට අයත්, සේවකයන් සහ වාහන දේශපාලන කටයුතුවලට යෙදවීමෙන් මේ අලාභය සිදු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයාගෙන් පැය දෙකක් පමණ ප්‍රශ්න කර ඇත. නැවත ලබන මස 05 වැනිදා ඔහු කොමිසම හමුවට පැමිණෙන්නැයි දැනුම් දී ඇත.

මෙවැනි ප්‍රශ්න කිරීම් බොහෝ ගණනක් සිදු වුවද කිසිදු වරදක් ඔප්පු කිරීමක් හෝ සැලකිය යුතු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසාවෙන් මේවා ගැන ජනතාවගේ උනන්දුව හීන ව ගොස් ඇත.

RSL

Related Posts