පෝර්ට් සිටි – රටට මර උගුලක් වෙන හැඩ!

Spread the love

port-city-colombo-chec-2-1වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර, මහින්ද රෙජිමය විසින් මහත් උත්කර්ෂයෙන් වර්ණනා කරමින් ක්‍රියාත්මක කළ කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතිය එවක විපක්ෂය විසින් මාරාන්තික විරෝධය දැක්වූවක් බව අපිට මතක ය. බොරු සටන් පාඨ හා දේශපාලන ගේම් කොයි හැටි වෙතත් කලාපීය දේශපාලන බල උවමනාවන්ට සියල්ල යටත් බව කවුරුත් තේරුම්ගත යුතු ය.

එවක විපක්ෂයේ එවක උඩ පැනිල්ල අද ආණ්ඩුවේ නැත. පෝර්ට් සිටිය ගැන මරාගෙන මැරෙන්න හිටි සිරස නාලිකාව දැන් එයට ගඩොල් එකතු කරන තත්වයට වෙනස් වී ඇත. ඇත්ත වශයෙන් අප පිළිගත යුතු කාරණය නම් කලාපීය දේශපාලනය බොරු දේශීය දේශපාලන සටන් පාඨවලට වෙනස් කළ නොහැකි බව ය. ඉන්දියාව මෙරට දේශපාලනයට මැදිහත්වන්නේ යම් සේ ද චීනය එයට සමානව හෝ එයට වැඩියෙන් මැදිහත් වන බව දැනගත යුතු ය. ඉතින් කටවාචාලකම්වලින් කිසිවක් නැවැත්විය නොහැකි ය. කළ හැක්කේ, දේවල් රටට වඩාත් වාසිදායක ලෙස සිදු කරගැනීමට උත්සාහ දැරීම යි.

වාර්තවන පරිදි පෝර්ට් සිටි ඉදිකරන චීන සමාගම අදාළ කටයුතු නවතා දමා තිබීම හේතුවෙන් තමන්ට වුණු පාඩුව වෙනුවෙන් රජයෙන් ඩොලර් මිලියන 125ක වන්දි ඉල්ලන්නට යයි. මෙය රජයට සරල වන්නේ නැත. මේ පිටුපස ඇත්තේ චීන සමාගමකට වඩා මහජන චීන සමූහාණ්ඩුව බැවිනි.

RSL

Related Posts