ප්‍රථම වතාවට සියළු විගණන වාර්තා අන්තර්ජාලයට
මෙරට ප්‍රථම වතාවට සියලු විගණන වාර්තා අන්තර් ජාලයට නිකුත් කිරීමට විගණන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව www.auditorgeneral.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ මෙම වාර්තා ජනතාවට පරිශීලනය කළ හැකියි. මෙමගින් විගණන කටයුතුවල විනිවිදභාවය ජනතාවට දැක බලා ගත හැකි බව විගණකාධිපති එච්.ඒ.එස්. සමරවීර පැවසීය. විගණකාධිපතිවරයා පැවසුවේ, අදියර කිහිපයක් යටතේ දහසකට අධික විගණන වාර්තා ප්‍රමාණයක් තම වෙබ් අඩවියට නිකුත් කරන බවයි. ජනවාරි මාසයේ …
Continue Reading
පක්ෂ මතය සමඟ නොසිටින වෘත්තිය සමිති නායකයින් ඉවත් කරනවා – ජවිපෙ
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත වෘත්තීය සමිතිවල සිටින පක්ෂ මතය සමග නොසිටින වෘත්තීය සමිගති නායකයින් එම තනතුරුවලින් ඉවත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. සමාජවාදී කම්කරු සංගමයේ සභාපති කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසූයේ පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති පක්ෂ සාමාජිකත්වයට මෙන්ම සමස්ත වැඩකරන ජනතාවටම වගකිවවයුතු බැවින් එම වෘත්තීය සමිති නායකයින් ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය සමග සිටියයුතු බවයි. එලෙස සංවිධාන විනය හා දේශපාලන …
Continue Reading
දේශපාලනය අනුව අධ්‍යාපනය වෙනස් නොවන පනතක් – බන්දුල ගුණවර්ධන
දේශපාලනය අනුව අධ්‍යාපනය වෙනස්වෙන්නේ නැති පනතක් ගෙන එන බව ද මින් ඉදිරියට ගුරුවරුන් බඳවා ගැනෙන්නේ පාසල් පාදක කරගෙන බවද අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විවාදයේ පිළිතුරු කතාව කරමින් උසස් පෙළ වාණිජ, විද්‍යා, තාක්ෂණ අධ්‍යාපනයට ගැළපෙන ලෙස වෙනස් විය යුතු බව පැවසී ය. දරුවන් 50කට අඩු පාසල් 1552ක් පවතින බවත් පාසල් …
Continue Reading
අයවැයෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නොසලකා හැරලා – සමාජවාදී කාන්තා සංගමය
පසුගිය වසරේ වෙන්කළ මුදලට වඩා 2012 අයවැය වෙනුවෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයට වෙන්කළ මුදල කපාහැර ඇති බව සමාජවාදී කාන්තා සංගමය පෙන්වා දෙයි. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද(5) උදේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමය මේ බව පෙන්වා දුන්නේය. වත්මන් ආණ්ඩුව කාන්තාවන් වෙනුවෙන් විවිධ පොරොන්දු රාශියක් ලබාදී ඇතත් ඒ කිසිවක් ඉටුනොකර ඇති බවද මේ තත්වය හමුවේ කාන්තාවන්ගේ …
Continue Reading
ජෙනරාල් මහින්දගෙන් සමාව ගනීවිද ? – පාඨක ලිපියකි –
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සමාව ලබාදිය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවත් ඔබාමාටවත් ඒ සඳහා මැදිහත් වීමට කිසිදු අයිතියක් නැති බවත් පවසමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල කතාවක් මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ජනමාධ්‍ය ඔස්සේ එවැනි කතාවක් ප්‍රචාරය වීම හා එයට මහත් ඉඩ කඩක් ලබාදීමට රජයේ මාධ්‍ය ක්‍රියාකිරීමද අතිශය කණගාටුදායක කරුණකි. මන්ද යත් එමගින් රටේ පාලනය හොබවන රාජපක්ෂ වරුන්ගේත්, ඔවුන්ට ආවඩන …
Continue Reading
රජයේ වෑයම නිදහස් අධ්‍යාපනය දියුණු කරන්නයි – තිස්ස විතාරණ
රජයේ වෑයම වන්නේ උපරිම ලෙසින් අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමය තවදුරටත් ශක්තිමත් කර දියුණු කිරීමට බව විද්‍යා කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අද(05) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගත් අවස්ථාවේ මේ බව සඳහන් කළේ ය. එය සිදු කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් දියත්කෙරෙන බවද මෙහි දී අධ්‍යාපනය වෙනුවෙන් නිසි පිළියම් යෙදීමට …
Continue Reading
රනිල්, කරූ දෙදෙනාම නායකත්ව සටනට
රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට තරඟ කරන බවට මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර කරූ ජයසූරිය මහතාද ඉදිරිපත් වන බව අපට වාර්තා වේ. ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ නිලවරණයේදී පක්ෂ නායකත්වයට තරග කරන ලෙස පක්ෂයේ බහුතර ක‍්‍රියාකාරීකයන්ගෙන්ද ආගමික නායකයින් විශාල පිරිසකගෙන්ද පසුගිය දින කිහිපයේදි ලැබුණු ආරාධනය භාර ගැනීමට තමා තීරණය කළ බව එජාප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි. “ නිදහසේ …
Continue Reading
මූල්‍ය ස්ථායිතාවට බැංකු නොවන මූල්‍ය අංශවල සංවර්ධනය අත්‍යාවශ්‍යයි – මහ බැංකු අධිපති
මූල්‍ය ස්ථායීතාව තහවුරු කිරීම සඳහා බැංකු නොවන මූල්‍ය අංශයේ තිරසාර සංවර්ධනය අත්‍යවශ්‍ය කරුණක් වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. තිරසාර හා සංයුක්ත වර්ධනයක් සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන ප්‍රතිස්ථාපනය කිරීම තේමාවෙන් පැවැත්වුණු බැංකු නොවන මූල්‍ය ආයතනවල වාර්ෂික සමුළුවට එක්වෙමින් කබ්රාල් මහතා එසේ ප්‍රකාශ කළේය. බැංකු නොවන මූල්‍ය ආයතන හෙවත් ලියාපදිංචි මුල්‍ය සමාගම් හා විශේෂිත …
Continue Reading
රනිල්ගේ ටයි පටියෙන් ගෙල වැළලා ගත් අපේ මාධ්‍ය – නිදහසේ වියමන –
ලාංකීය දේශපාලනයේ ඒකපාර්ශවීය සටන් බිමේ තවත් එක් සටනක් ජයගන්නට මහින්ද රාජපක්ෂ සමත් විය. ඒ 2012 බජට් එකය. ජනතාව ගොනාට අන්දවන අයවැයක විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස වටහා නොගත් විපක්ෂය අනියම් අන්දමින් මහින්ද රාජපක්ෂට සහයෝගය ලබා දෙන්නේය. පාර්ලිමේන්තුවේ විඩගමක් බවට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා තම ටයි පටිය ගලවා කල අමන ක්‍රියාව ජනතාවට සෙතක් විය හැකියැයි කිව නොහැක. එය බොහෝවිට ප්‍රයෝජනවත් වූයේ එල්ලෙන්නට …
Continue Reading
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් අනුව හැදූ අයවැය හෙලා දකිනවා – ජවිපෙ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් මත ඉදිරිපත් කළ අයවැය අපි හෙලා දකිනවා, ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන ප්‍රෝඩාකාරී අයවැය තුළ තරුණ විරැකියාවට උත්තර නෑ. උපාධිධාරීන් ගැන සඳහනක්වත් නෑ යනුවෙන් කිරිබත්ගොඩ දී අයවැයට විරෝධය පලකරමින් ජවිපෙ පැවැත්වූ උද්ඝෝෂණයකට එක්වෙමින් ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය. මෙම උද්ඝෝෂණය ඊයේ(04) පෙරවරු 10.30ට පමණ කිරිබත්ගොඩ නගරයේදී පැවැති අතර එම අවස්ථාවට පා.ම සුනිල් හදුන්නෙත්ති, නාගරික මන්ත්‍රී …
Continue Reading