පුද්ගලික අංශයේ අවම වැටුපෙන් ජීවත්විය හැක්කේ දින 5යි – වෘත්තිය සංගමය

පුද්ගලික අංශයේ අවම වැටුපෙන් ජීවත්විය හැක්කේ දින 5යි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2009 හා 2010 වර්ශයන් සදහා නිකුත් කර ඇති ගෘහස්ථ ආදායම් හා වියදම් සමික්ෂණයේ දත්ත අනුව පුද්ගලික අංශයේ සේවකයකුට දැනට ලැබෙන අවම වැටුපෙන් ජිවත්විය හැක්කේ දින 5ක කාලයක් බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එසේම මෙවර අයවැයෙන් රජයේ සේවකයන්ට ලබාදී …

Continue Reading

ප්‍රමිතියෙන් තොර පෙට්රල් දූෂිත ගනුදෙනුවක් බව කමිටුව කියා නැහැ – සුසිල්

පසුගියදා රටේ ආන්දෝලනයකට ඇතිකල ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් පිළිබඳව පත් කළ කමිටු වාර්තාව මඟින් දූෂිත ගනුදෙනුවක් ගැන සඳහන් කර නොමැති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධරණය කරයි. ඛනිජ තෙල් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(3) සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව පවත්මිනි. නිලධාරීන් ප්‍රතිසම්පාදන කමිටුවේ අනුමැතිය මතයි තෙල් ටොන් 20000ක් ගත්තේ. එය දින හතක ප්‍රමාදය පුරවන්න හදිසියේ …

Continue Reading

දක්ෂිණ අධිවේගයේ රිය අනතුරෙන් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගි මාර්ගයේ තවත් රිය අනතුරක් අද සිදුව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ අද පෙරවරු 9 ට මෝටර් රථයක් පෙරළිමෙන් එම අනතුර සිදුව ඇති බවයි. රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ ඔවුන් මේ වනවිට රෝහල්ගත කිරිමට පියවර ගෙන ඇති බවය.

Continue Reading

ආණ්ඩුවේ ‘අවනීතියට‘ එරෙහිව බහුජන විරෝධතා ව්‍යාපාරයක් අරඹනවා – එජාපය

ආණ්ඩුවේ ‘අවනීතියට’ එරෙහිව ලබන වසරේ ජනවාරියේ බහුජන විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඒ අනුව ජනතාව මහපාරට කැඳවන දීපව්‍යාප්ත මට්ටමේ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට තීරණය කර ඇති බව කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ ඊයේ(03) පැවති උත්සවයකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායකමහතා කියා සිටියේය. තවද, හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් …

Continue Reading

තරාතිරම නොබලා වෙරළ දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්න – ජනපති

වෙරළ තීරය දූෂණය වන ලෙස අපද්‍රව්‍ය බැහැර කරන්නන්ට සහ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වල නිරත වන්නන්ට එරෙහිව තරාතිරම නොබලා‍ නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එලෙස උපදෙස් දුන් බවයි. මෙරට ජනගහනයෙන් 24%ක් ද ඉඩම්වලින් 25%ක් ද වෙරළ කලාපයට අයත් වේ. වෙරළ කලාප කළමනාකරණය සහ සංවර්ධනය පිළිබඳ මෙම සාකච්ඡාවට …

Continue Reading

නගර ග්‍රාම නිර්මාණ සංශෝධන කෙටුම්පත ගැන අධිකරණ තීරණය කතානායක ප්‍රකාශ කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබද අධිකරණ තීරණය අද පෙරවරුවේ කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ ක‍ළේය. එහි දැක්වුණේ පනත් කෙටුම්පත පළාත් සභා ලැයිස්තුවේ දක්වා ඇති කරුණකට සම්බන්ධ බවය. එම නිසා මෙය සෑම පළාත් සභාවකටම යොමු නොකළහොත් එය නීතියක් බවට පත් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. එසේම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම …

Continue Reading

තරුණ සමාජවාදීන්ගේ පාගමනට කල ප්‍රහාරය හෙලා දකිනවා – ලෝක ප්‍රජාතන්ත්‍රවාදි තරුණ සංගමය

තරුණයින්ගේ විරැකියා ප්‍රශ්නයට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අයවැයෙහි සහන නොමැති බව පවසමින් තරුණ සමාජවාදි සංගමය පැවැත්වූ පාගමනට අමානුෂික ලෙස පහරදීම ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය හෙලා දකියි. මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇත. එම නිවේදනයේ අන්තර්ගතය. ලෝක ධනවාදයේ අර්බුදයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ලෝකවාසී ජනතාවට මිස ධනපති පංතියට නොවේ. වර්තමානයේ ලෝකය පුරා ධනවාදී ආණ්ඩු විසින් ඉදිරිපත් කරන …

Continue Reading

සදාචාරාත්මක ජනහිතවාදී දේශපාලන සංස්කෘතියක් අපි ගේනවා – සරත් ෆොන්සේකා

“ සදාචාරාත්මක ජනහිතවාදී දේශපාලන සංස්කෘතියක් අපි කවදා හරි ගේනවා “ යැයි සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹ මහාධිකරණයේ විභාග වන හයිකෝප් නඩුවට ඊයේ(02) පැමිණ අධිකරණයෙන් පිටවෙද්දි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. “ අර මට ඉඩිඅමින්, හිට්ලර් කිව්ව බෝධිසත්ත්වයා දැන් මමයි මගේ පවුලෙනුයි පලිගන්නවා. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය ඉවර කරලා සදාචාරාත්මක ජනහිතවාදී සංස්කෘතියක් අපි කවදා හරි ගේනවා ජනතාව ඒ …

Continue Reading

විරෝධතාවට සක්‍රියව දායක නොවූ අය ගැන රනිල් සොයයි

පසුගියදා(29) කොළඹ හයිඞ් පිටියේ පැවැති විරෝධතා ව්‍යාපාරයට සක‍්‍රීයව දායක නොවුණු ආසන සංවිධායකවරු සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ එජාප මහලේකම් තිස්ස අත්තනායකට නියෝග දී ඇති බව වාර්තා වේ.  පක්ෂයේ උපදෙස් පරිදි කටයුතු නොකළ සංවිධායකවරුන් පිළිබඳ තොරතුරු එම වාර්තාවට ඇතුළත් කරන ලෙසද විපක්ෂ නායකවරයා නියෝග කර ඇත. මීට අමතරව එම විරෝධතාවයට වැඩි දායකත්වයක් ලබාදුන් ආසන සංවිධායකවරුන් නොවන පළාත් සභා …

Continue Reading

ලෝක ආබාධිත දිනය අදයි

ලෝක ආබාධිතයින්ගේ දිනය අදට යෙදී තිබේ. මෙවර එම දිනය ශ්‍රී ලංකාවේදී  සමරන්නේ “සංවර්ධනයේදී ආබාධිත තැනැත්තන් ද ඇතුළුව සැමට වඩා යහපත්  ලොවක් සඳහා එක්වෙමු” යන තේමාව යටතේදීය. සමාජ සේවා අමාත්‍යාංශය පැවසුවේ මෙරට සමස්ථ ජනගහනයෙන් 7%ක් ආබාධිතයින් බවය. සමාජ සේවා අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.එස්.රත්නායක පැවසුවේ ආබාධිත පුද්ගලයින්ගේ සුබසාධනය සඳහා රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවය. උපතින්ම ආබාධවලට ලක්වන්නන් සහ පසුකාලීනව විවිධ අනතුරුවලට ලක්ව …

Continue Reading