දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් දින පහක දී මිලියන 6.7ක ආදායමක්
දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කලදා සිට දිනපහක් ඇතුලත වාහන 25,000ක් ධාවනය වූ බවත් ආදායම ලෙස රුපියල් මිලියන 6.7ක් උපයා ගැනීමට හැකි වූ බවත් වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි. නියෝජ්‍ය අමත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(2) පාර්ලිමේන්තුවේ දී වරාය හා මහාමාර්ග අමාත්‍යාංශ වැය ශීර්ෂය ඉදිරිපත් කිරීමේ විවාදයේ දී ය. ආරක්ෂක අමාත්‍යාංශයට පසු වැඩි ම මුදලක් වෙන්කරන්නේ වරාය හා …
Continue Reading
සති අන්ත සිනමා පටය – Listen to Your Heart (2010)
කරදර බාධක සහිතව දිවිගෙවන ගීත රචක තරුණයෙකු(කෙන්ට් මොරන්) හා ශ්‍රවණාබාධ සහිත පොහොසත් පවුලක තරුණියක(ඇලෙක්සියා රසුමිහින්) අතර ඇතිවන පෙම් සබඳතාවත් ඒ හා බැඳුනු සිද්ධීන් දාමයන් ගැන මෙම සිනමා පටයෙන් කියවෙනවා. ඇයගේ උනන්දු කරවීම් නිසා ඔහු විසින් පබඳින සංගීතය පවා ඇයට අවාසනාවන්ත ලෙස අහන්න හැකියාව ලැබෙන්නේ නෑ. තම අඥාදායක මවගේ(සයිබිල් ෂෙපඩ්) පැතුමට එරෙහිව පෙමින් බැඳුනු පසු ඇතිවන තත්වයද තම ආදරය හා මව …
Continue Reading
ග්‍රේරුට අධීක්ෂණ මන්ත්‍රීධුරයෙන් සෑහීමට පත්වීමට සිදුවේ
පසුගියදා අයවැය විවාදය අතර නින්දා අපහාස විඳිමින්, ජීවිත පරිත්‍යාගයෙන් යුතුව හෝ සිසු දරුවන් වෙනුවෙන් යැයි පවසමින් ආණ්ඩුවට එක් වූ මෝහන් ලාල් ග්‍රේරු මහතාට ලැබී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ධූරයක් පමණි. මොහාන් ලාල් ග්‍රේරු මහතා අද (02) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
Continue Reading
අයවැයට සහය පල කරමින් උද්ඝෝෂණයක් කොටුවේදී
රජයට හා ජනාධිපතිවරයාට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණවලට විරෝධය පල කිරිම මෙන්ම අයවැයට සහය දැක්වීමේ අරමුණින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙන්නේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයයි. පොලිස් හදීසි ඇමතුම් ඒකකය පැවසුවේ උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ, කොටුවේ සිට ගාලු මුවදොර දෙසට ධාවනයට බාධා මතුව ඇති බවය. කොළඹ, කොටුව දුම්රිය පොල අසළ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.
Continue Reading
සෙලින්කෝ මන්දිරය ඇතුළු ආයතන තුනක් විකිණීමට නියමවේ
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සෙලින්කෝ මන්දිරය ඇතුළු ආයතන තුනක් විකිණීම සඳහා මිල ගණන් කැඳවීමට පියවර ගන්නා ලෙසත්, ඒ සඳහා වන මිල ගණන් කැඳවන දැන්වීම් මෙම දෙසැම්බර් මස 05 වැනි දිනට පෙර පළ කරන ලෙසත් එම ව්‍යාපාරයෙහි වත්කම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ලක්ෂ්මන් වටවල කමිටුවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01) නියෝග කළේය. රාජගිරියෙහි පිහිටි ගෝල්ඩන් කී (උගුර කණ නාසය පිළිබඳ) රෝහල සහ නාරාහේන්පිට …
Continue Reading
හැඳුනුම්පත සඳහා වෙනත් ලිපිලේඛන ඉදිරිපත් කළ හැකියි
ජාතික හැඳුනුම්පතක් සඳහා ඉල්ලුම් කිරීමේ දී උප්පැන්න සහතිකය වෙනුවට වෙනත් ලිපි ලේඛන ඉදිරිපත් කළ හැකි යැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (1) සභාව කල්තැබීමේ යෝජනාවට පිළිතුරු ලබදෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන ලදී. දකුණු හා රත්නපුර ප්‍රදේශවල ජීවත් වන වැවිලි ක්ෂේත්‍රයේ සේවය කරන …
Continue Reading
වාහන සහනය හඩ්සන්ට හා මහින්දට දෙන්න හදපු එකක් – ලාල්කාන්ත
“මේක හඩ්සන්ටයි, මහින්දටයි විතරක් දෙන්න හිතපු වැඩක් “ ජවිපේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙසේ පැවසුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදි සමස්ථ ලංකා සුවසේවා සංගමයේ 14වන වාර්ෂික සමුළුවට ප්‍රධාන දේශකයා ලෙස සහභාගිවෙමිනි. “ මාධ්‍යවේදීන්ට දෙනවලු අවුරුදු 25ක් අඛණ්ඩව වෘත්තියේ යෙදුනොත් වාහනයක් ගන්න ලෝන් එකක්, පොලී රහිතව, තීරු බද්දෙන් තොරව.ඉතිං හොඳයි. හැබැයි ඕක හම්බවෙන්නේ කාටද, හඩ්සන් සමරසිංහටයි, මහින්ද අබේසුන්දරටයි. ඇයි කීදෙනාද …
Continue Reading
පළමු වතාවට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට සහතික පත්‍රයක්
මීට ඉහතදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දුන් උපදෙස් මත ජාතික අධ්‍යාපන කොමිසමේ නිර්දේශය අනුව මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කෙරේ. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග සමත් දරුවන් සඳහා සහතික ප‍්‍රදානය කෙරේ. ඒ අනුව එක් ප‍්‍රශ්න පත‍්‍රයකට ලැබුණු ලකුණු 35 බැගින් ප‍්‍රශ්න පත‍්‍ර දෙකට ලකුණු 70ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ලබා ගත් දරුවන් සඳහා තමන් ලබා ගත් ලකුණු ප‍්‍රමාණයද නිශ්චිත ලෙස …
Continue Reading
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කොටස් ප්‍රමාණයක් DFCC බැංකුව මිලදීගෙන
නේෂන් ට්‍රස්ට් බැංකුවේ සියයට 9.9 ක් වන කොටස් ප්‍රමාණයක් රුපියල් බිලියන 1.3 කට DFCC බැංකුව විසින් අද මිලදීගෙන තිබෙන බව අනාවරණය වේ. මෙම ගනුදෙනුවට සම්බන්ධ මූලාශ්‍ර වලින් මේ බව අප වෙත වාර්තා වන අතර මෙහිදී එකක් රුපියල් 57.80 ක් වන කොටස් මිලියන 22.8 ක් DFCC බැංකුව විසින් මිලදී ගෙන තිබේ. මේ නිසා, අද කොළඹ කොටස් වෙළඳ පොළේ පිරිවැටුම ඉහල ගොස් …
Continue Reading
සංශෝධන සහිතව ප්‍රකාශය කරන්නේ නෑ – රනිල්
තම විශේෂ ප‍්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් විසින් කපාකොටන ලදැයි චෝදනා කරමින් විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා එම ප‍්‍රකාශය අද (01) නොකළේය. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබීමත්, සරත් ෆොන්සේකා මහතාට ලබා දී ඇති අධිකරණ තීන්දුවටත් අදාලව විශේෂ ප්‍රකාශයක් කිරීමට රනිල් වික්රමසිංහ මහතා විසින් 29 වන දින සූදානම් වුවද ඊට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විරෝධය පෑම නිසා පාර්ලිමේන්තු …
Continue Reading