සංශෝධන සහිතව ප්‍රකාශය කරන්නේ නෑ – රනිල්

Spread the love

තම විශේෂ ප‍්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් විසින් කපාකොටන ලදැයි චෝදනා කරමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එම ප‍්‍රකාශය අද (01)  නොකළේය.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබීමත්, සරත් ෆොන්සේකා මහතාට ලබා දී ඇති අධිකරණ තීන්දුවටත් අදාලව විශේෂ ප්‍රකාශයක් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් 29 වන දින සූදානම් වුවද ඊට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විරෝධය පෑම නිසා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව එවැනි ප්‍රකාශයක් කළහැකිද නැද්ද යන්න වග පසුව දැනුම්දෙන බව කතානායකවරයා ප්‍රකාශ කර තිබිණි.

අනතුරුව  ඒ සඳහා අද දිනයේ සංශෝධන සහිතව අවස්ථාව ලබාදෙන බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ඊයේ ප්‍රකාශ කළේය.

අද දිනයේ සංශෝධන සහිතව එම ප්‍රකාශය සිදුකරන ලෙස කතානායකවරයා විසින් දැනුම්දෙනු ලැබූවද ඒ ආකාරයෙන් සංශෝධනවලට යටත්ව ප්‍රකාශය සිදුකිරිමට තමා සූදානම් නැති බව විපක්ෂ නායකවරයා පැවසිය.

සංශෝධිත ප‍්‍රකාශයට ඉඩදී ඇතත් එය පාර්ලිමේන්තු මහලේකම් විසින් කපන ලදැයි කියමින් වික‍්‍රමසිංහ මහතා දැඩි ලෙස විරෝධය පළ කෙළේය.

මහලේකම් එහි සංශෝධන කෙළේ තම උපදෙස් අනුව යැයි කතානායක චමල් රාජපක්ෂ මහතා කීවත් වික‍්‍රමසිංහ මහතා එම ප‍්‍රකාශය කෙළේ නැත.

ඒ අනුව න්‍යායපත්‍රානුකූලව ඉදිරි කටයුතු සිදුකිරිමට කතානායකවරයා තීරණය කළේය.

RSL

Related Posts