ලංගම බස් රථ ප්‍රමාණය වැඩි කලොත් ධාවනයෙන් ඉවත්වෙනවා – ගැමුණු විජේරත්න
රටේ බස් රථ අතිරික්තයක් තිබියදී ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම ලංගම බස්රථ ප්‍රමාණය ඉහල දැමීමට අවසර ඉල්ලා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අවසර ලබා දුනහොත් තම සංගමය ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. මේ වන විට රටේ පොදු ප‍්‍රවාහනය සඳහා පෞද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ කාලසටහනක් සකස් කරමින් පවතින බවත් එවැනි මොහොතක වෙල්ගම …
Continue Reading
අයවැය ජනතා අපේක්ෂා සියල්ල බිඳ දැම්මා – ගයන්ත කරුණාතිලක
එක්සත් ජාතික පක්ෂය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුනු අතර, එහිදී අදහස් දක්වමින් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවසීය. “මැති ඇමතිවරු කිව්වා ඉතිහාසයේ වැඩිම රත්තරන් සංචිතය දැන් ආණ්ඩුවට තිබෙනවා කියලා. ඉතිහාසයේ වැඩිම විදේශ සංචිත ටික දැන් ආණ්ඩුවට තිබෙනවා කිව්වා, උද්ධමන වේගය අඩු වෙලා කියුවා. ආර්ථික වර්ධනය වැඩිවේගන යනවා කියලා කිව්වා. ආසියාවේ ශක්තිමත්ම කොටස් වෙළඳපොල මහින්ද චින්තනයේ නිවැරදි මූල්‍ය …
Continue Reading
ආරක්ෂාවට කරන වියදම් සියල්ල ආයෝජනයක් – බැසිල් රාජපක්ෂ
ආරක්ෂාවට යන වියදම් සියල්ල ආයෝජනයක් ලෙස සලකන බවත් ආරක්ෂක වියදම් කපන්න කියන්නේ ත්‍රස්තවාදීන්ට උදව් කරන අය මිස වෙන කෙනෙකුට එසේ කිව නොහැකි බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මේ රටට සංචාරකයින් පැමිණීමට ප්‍රධානතම හේතුව මේ රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, දේපොළවල ආරක්ෂාව, පමණක් නොව සංචාරකයින්ට ලබාදුන් ආරක්ෂාවයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(30) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවනවර කියැවීමේ …
Continue Reading
එජාපයේ විරෝධතාවට සහභාගීවූවන්ට ගෞරවය පුද කරනවා – සරත් ෆොන්සේකා
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ විරෝධතාවට තමාගේ ප්‍රශංසාව හිමි වන බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසූවේය. ඊට සහභාගී වූ සියල්ලන්ටම තමාගේ ගෞරවය හා ප්‍රණාමය හිමිවන බවද ඒ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ හයිකෝප් නඩු විභාගය අවසන්වීමෙන් පසු අධිකරණ භූමියෙන් පිටව යද්දී මාධ්‍යය අමතමිනි. එමෙන්ම ඒ මහතා පැවසූයේ මට ආණ්ඩුවෙන් දීපු පර්චස් 35 ත් පොලීසිය යොදවා බලෙන් …
Continue Reading
අයවැය සම්මත වෙද්දි ග්‍රේරු ආණ්ඩු පක්ෂයේ අසුන් ගනී
2012 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 91 කින් සභා සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60ක් ලැබුණි. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ විශේෂත්වය වූයේ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරෝ ආණ්ඩුව සමඟ එක්ව අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරිමය. අයවැයේ දැක්ම යහපත් බැවින් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට යම් සේවයක් කිරීමට ඉඩ ප්‍රස්ථාව …
Continue Reading
සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවට පොලීසියෙන් අධිපීඩක ජල ප්‍රහාර
සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කල විරෝධතා පාගමනකට අද (30) පස්වරුවේ පොලීසිය විසින් කඳුළු ගෑස් හා අධි පීඩක ජල ප්‍රහාර එල්ලකලේය. සමාජවාදී තරුණ සංගමය මෙම විරෝධතාවය සංවිධානයකොට තිබුණේ 2012 වසර වෙනුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැයට විරෝධයපාමිනි. කෙසේ වෙතත් පොලීසිය පැවසූයේ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙලෙස අධි පීඩක ජලප්‍රහාර එල්ල කිරීමට සිදුවූ බවයි. පොලීසිය විසින් එල්ල කරන ලද බැටන් පොලු …
Continue Reading
අධිවේගී මාර්ගයේ බස් රථ යෙදවීමට සති 2ක් පමාවේවි – ලංගම
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනයේ යෙදවීමට බලාපොරොත්තුවන අධි සුඛෝපභෝගී බස්රථවල සේවය සඳහා තෝරාගෙන තිබෙන සේවකයන්ට මේ දිනවල විශේෂ පුහුණුවක් ලබා දෙන බැවින් මඟී ප‍්‍රවාහනය සඳහා ‘ලංගම’ බස් රථ යෙදවීම තවත් සති දෙකකින් පමා වන බව ශ‍්‍රී ලංගමය සභාපති එම්.සී. බන්දුසේන මහතා පවසයි. මෙම පුහුණුව ලංගම ප‍්‍රධාන අභ්‍යාස විද්‍යාලයේදී මේ දිනවල ලබා දෙන අතර ඉන් අනතුරුව අධිවේගී මාර්ගවල පවතින විශේෂ මාර්ග හා …
Continue Reading
ඊයේ විවාදයට ලක් වූ රනිල්ගේ ප්‍රකාශයට අවසර
පාර්ලිමේන්තුව තුළ ඊයේ(29) විවාදයට ලක් වු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය සංශෝධන සහිතව ඉදිරිපත් කළ හැකි බව නියෝජ්‍ය කථානායකවරයා අද දැනුම් දුන්නේය. නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ හෙට දිනයේ ඒ සඳහා අවස්ථාව ලබාදිය හැකි බවයි. එම ප්‍රකාශයේ ඇතුළත්ව තිබු ඇතැම් වගන්ති සංශෝධනය කර පාර්ලිමේන්තු සම්ප්‍රදායානුකූලව එය යළි සකස් කර ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.
Continue Reading
පක්ෂ නම භාවිත කරන වැඩ ගැන සොයන්න විනය කමිටුවක් – ජවිපෙ
ජනතා විමුක්ති පෙරමුණේ ලිඛිත අවසරයකින් තොරව පක්‌ෂයේ නම භාවිත කරමින් සිදු කරන විවිධ ක්‍රියාවන් පිළිබඳ සොයා බලා නිර්දේශ කිරීමට පක්‌ෂය විසින් විනය කමිටුවක් පත්කළ බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඊයේ (29) පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින්, මතුවී ඇති දේශපාලන තත්වය පදනම් කරගනිමින් ප්‍රධාන තීරණ 03ක් ගෙන තිබේ. ජවිපෙ මධ්‍යම කාරක සභිකයින් එහි නායකත්වය සහ …
Continue Reading
මෙවර අයවැයේ අපේක්ෂාව අභිමානවත්, සැපවත් රටක් ගොඩනැංවීමයි – අගමැති
-
RSL
-
November 30, 2011
-
Uncategorized
-
අයවැය, දිමු ජයරත්න
-
0 Comments
මෙවර අයවැයේ බලාපොරොත්තුව අභිමානවත් හා සැපවත් රටක් ගොඩනැඟීම බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි. සංවර්ධනය හා සුබසාධනය ඉලක්ක කරගත් ශ්‍රේෂ්ඨ අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට පුළුවන් වු බව ඊයේ (29) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය. “ඇතැම් අය රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යන්න උත්සහ කරනවා. අපේ ප්‍රශ්න අපිම විසඳාගත යුතුයි. අපි අභිමානවත් ජාතියක්.“ “සංවර්ධනය මැනීමට භාවිත කරන …
Continue Reading