සරත් ෆොන්සේකාට නිදහස පතා මහා ජනගඟක්

හිටපු යුද  හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කිරිමට රජයට බල කිරිම ඇතුළු අරමුණු කිහිපයක් මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල විරෝධතා පාගමනට සහ හයිඩ් පිටියේ පැවති ජනරැලියට අද (29) පස්වරුවේ දහස් ගණනක ජනතාවක් සහභාගිවී සිටියහ. එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විහාර මහාදේවී උද්‍යානය අසලින් පාගමන ඇරඹිණි. බන්ධනාගාරගතව සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා …

Continue Reading

ෆොන්සේකා ගැන කතා කරන්න ගිය රනිල්ට වාරණයක්

සරත් ෆොන්සේකා මහතාගේ මානව හිමිකම් කඩවීම් පිළිබදව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අද (29) උත්සාහ කළ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය ඊට දැඩි ලෙස විරෝධය දැක්වීය. එම ප‍්‍රශ්නය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් දැක්වූ විරෝධතා හමුවේ සභාව තුළ උණුසුම්කාරී තත්වයක් මතුවිය. එහිදී මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා යන ඇමැතිවරු විරෝධය …

Continue Reading

අරපිරිමැස්ම නැතිකමින් දිනකට රුපියල් මිලියන 15ක විදුලියක් අපතේ

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත නොකිරීමෙන් දිනකට රුපියල් මිලියන 15 ක විදුලිය ධාරිතාවක් අපතේ යන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි. එහි බලශක්ති කළමනාකරණ අධ්‍යක්ෂ එම්.එම්.ආර්.පද්මසිරි මහතා පැවසුවේ ගෘහස්ථ විදුලි පරිහරණයේදී මෙම තත්ත්වය දැකිය හැකි බවය. අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කිරීමෙන් සෑම නිවසකම විදුලි බිල අඩුකර ගත හැකි බව ඔහු පෙන්වා දෙයි. එම්.එම්.ආර්.පද්මසිරි පවසන්නේ ඒ සඳහා දැනුවත්භාවය අත්‍යාවශ්‍ය වන බවය.  

Continue Reading

“ජෙනරාල් නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය” අද විරෝධතාවයට එක්වෙයි

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් පිහිටුවා ඇති  “ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ ජනතා ව්‍යාපාරය” අද හයිඩ් පිටියේ පැවැත්වෙන විරෝධතාවයට සහය පළ කරන බව මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ. මෙම සංවිධානයේ කැඳවුම්කරු කුමාර අලගියවන්න මහතා විසින් අද දින නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ. ‘ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජනතා ව්‍යාපාරය’ අද හයිඞ් …

Continue Reading

නියෝජ්‍ය ඇමති සරණට පාර්ලිමේන්තු සභාවාර සතියකට අත්හිටුවයි

ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා‍ පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගී වීම සතියක කාලයකට අත්හිටුවා තිබේ. ඒ බව අද පෙරවරුවේ කථානායක චමල් රාජපක්ෂ මහතා පර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිණ. පසුගිය 21 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඇති වු නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් කළ නිරීක්ෂණවලින් අනතුරුව එම අත්හිටුවීම සිදු කර තිබේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කිරීම අදාළ නොසන්සුන් …

Continue Reading

ශ්‍රී ලංකාවේ සීඝ්‍ර ප්‍රගතිය පිළිබඳ ජපානය සතුටට පත් වෙනවා – යසුෂි අකාෂි

ත්‍රස්තවාදය පරාජයට පත් කර කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබෙන සීග්‍ර ප්‍රගතිය ජපානයේ සතුටට හේතු වී ඇති බව ජපානයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා පවසයි. යසුෂි අකාශි මහතා ඊයේ(28)  පෙරවරුවේ  ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය. දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයටද ඊයේ අකාෂි මහතා ඇතුළු ජපාන දූත පිරිස …

Continue Reading

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු රිය අනතුර අද උදේ සිදුවිය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු රිය අනතුර අද උදේ සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය. අද උදේ 7.10 පමණ වෑන් රථයක් කහතුඩුව ප්‍රදේශයේදී මෙසේ අනතුරට පත්වී ඇත. මේ අනතුරෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර එම පුද්ගලයින් දෙදෙනා හොරණ රෝහලට ඇතුලත් කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Continue Reading

මේ ඇත්තට කවුද නැහැ කියන්නේ ? – නිදහසේ වියමන –

ගෙවීයන සෑම තත්පරයක්ම අඩුවැඩි වශයෙන් ලාංකීය දේශපාලනයේ අභාග්‍ය සම්පන්න තත්වයකට ගමන් කරනු ලබයි. මහින්ද සාධකය ලාංකීය දේශපාලන බල අරගලයේදි  අන් කවරදාකටත් වඩා අන් කවරෙක්ටවත් වඩා නින්දා සහගත දේශද්‍රෝහි, මානවද්‍රෝහි ක්‍රියාවන්වල නිරතව සිටීම මුළු මහත් දේශයටම කරන්නාවූ බරපතල වරදකි. මහින්ද රාජපක්ෂත් ඔහුගේ පවුලේ සාමාජිකයනුත් දැන් සිතා සිටිනුයේ සර්ව පරාක්‍රම බලධාරීත්වය තම පවුල සතු බැවින් මේ නින්දා සහගත පාලන තන්ත්‍රය තමන්ට රිසිසේ …

Continue Reading

හෙට පවත්වන උද්ඝෝෂණයට ජනතාව වෙනුවෙන්වෙන් පෙනී සිටින ඕනෑම කණ්ඩායමකට එක්විය හැකියි – එජාපය

එජාප මහලේකම් පා.ම තිස්ස අත්තනායක මහතා අද (28) කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් පැවසූයේ අසාධාරණ ලෙස සිරගතකොට තිබෙන හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, පෞද්ගලික ව්‍යාපාර රජයට පවරාගැනීමට සම්මත කරගත් පනත හකුලාගන්නා ලෙස රජයට බලකිරීම හා ජනතා සහන ලබානොදුන් අයවැයට විරෝධය පලකිරීම මුල්කරගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබෙන බවයි. එහිදී …

Continue Reading

ලබන 6 වැනිදාට පෙර එකඟ වූ බස් ගාස්තුව ප්‍රකාශ කරන්න – පෞද්ගලික බස් සංගම් කියයි

ලබන 6 වැනි දිනට පෙර වැඩි කිරීමට එකඟ වූ බස් ගාස්තු ප්‍රකාශයට පත් කරන ලෙස පෞද්ගලික බස් සංගම් රජයෙන් ඉල්ලා සිටී. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඒ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවය. ඒ සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් වික්ටර් සමරවීරගෙන් අප විමසීමක් කළේය. ඔහු පැවසුවේ ඒ සඳහා වූ වැඩපිළිවෙල මේ …

Continue Reading